ආහාර වර්ජනය කරමින් මරණයට කැපවීමේ ජෛන ආගමික චාරිත්‍රය වන ‘‘සන්ත්‍රා“ මාරාන්තික උපවාසයට තිබූ නීතිමය තහනම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත්කැර ඇත. මෙම චාරිත්‍රෙය හේතුවෙන් ජෛන ආගමිකයන් ස්වේච්ඡාවෙන් සියදිවි නසා ගන්නා බවත් එය නීති විරෝධී බවත් ප්‍රකාශ කරමින් රාජස්ථාන් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කැර තිබිණි.
එම තහනමත් සමග දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරත වූ ජෛන ආගමිකයන් කියා සිටියේ සියදිවි හානිකර ගැනීම අපරාධයක් වුවත් සිය ආගමික චාරිත්‍රය එවැනි අරමුණකින් කරන්නක් නොව ආගමික ඇදහීමක් පමණක් බවයි.
ඉන්දියාවේ ජෛන ආගමිකයෝ ලක්ෂ 40ක් පමණ සිටිති. ලොව ඉතා පැරණි ආගමක් ලෙස සැළකෙන ජෛන ශ්‍රමණවරු ඉතා දුෂ්කර දිවි පෙවතක් ගත කිරීමට හුරුවූවෝ වෙති. ඔවුන් සන්ත්‍රා නම් මාරාන්තික උපවාසය හඳුන්වන්නේ ආහාර ගැනීමෙන් වැළකී මරණයට සූදානම් වීමේ චාරිත්‍රයක් ලෙසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුබව පතන කෙනෙක් පරමත්ත පාරමිතාව පිරිය යුතුය. එනම් ජීවිත දානය දියයුතුය. මෙය සියදිවි හානිකාර ගැනීමක් නොවේ. අරමුණ අනුව ක්‍රියාවේ ඵලය වෙනස්වෙයි. (නි)
විචාරය සහ අවිචාරය අතර වෙනස (අ)
මරණය නිතර නිතර සිහි කිරීමත්, ඕනෑම මොහොතක මරණය සඳහා සුදානම්ව සිටීමත් වැදගත් වුවත්, සිරුරට ආහාර නොදී සිරුර මරණය කරා බලහත්කාරයෙන් ඇදගෙන ගොස් සිතක් මරණය සඳහා සුදානම් කළහැකිද? තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කයෙහි සිදුවන විපරිනාමයත් සිතෙහි ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි දහරාවල වෙනස්වීමත් දෙස අවධි සිහියෙන් බලා සිටීමෙන් මරණය සජීවී ලෙස අත්දැකිය හැකියැයි සිතමි. (නි)
සදහම්, ඔබ කියන කාරණය හරි. ඒත් ජෛන මහාවීර යනු බුදුන්ගේ සමකාලීන ශාස්තෘවරයෙක්. ජෛනයන්ගේ අනුගාමිකයින් බොහෝ දෙනෙකු මේ සත්‍යය වටහාගෙන බුදුන් හමුවට පැමිණ ඇත. ඒත් අවසානය දක්වාත් ඉන්පසුව අද දක්වාත් ජෛනයන් අදහන පිරිසක් ඉන්නවා. බුදු හිමියන් ඔවුන්ව බලෙන් නම්මවන්න උත්සාහ කළේ නැහැ. බුද්ධිය ඇති අය බුදුන් කරා පැමිණියා. අනෙකුත් අය ඒ දෘෂ්ටි මාර්ගයේම යනවා. ලෝකය එහෙම තමයි. (නි)