ජර්මනියේ සමාජ ජාල තුල ජාතිවාදී මෙන්ම ජාතින් අතර වෛරය ඇතිවෙන ලිපි පළ කරන පුද්ගලයින්ට එරෙහිව වැටලීම් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ට්විටර්,ගුගල්,ෆේස්බුක් යන මාධ්‍ය ජාල වල එවන් අදහස් පළකිරීම ලොව පුරා සිදුවෙන දෙයකි. නමුත් ජර්මන් නීතියට අනුව වාර්ගික වෛරය ඇතිකිරීම සදහා උල්පන්දම් දීම අපරාධයක් වන අතර කෙනෙකු ජාතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමකට එරෙහිව වෛරය පළකිරීම හෝ අපාහස කිරීම මත වසර පහක කාලයක් සඳහා සිරගත කළ හැකිය.
මේ වන විට එවන් මත පලකළ 60 දෙනෙකු සම්බන්ධයෙන් වැටලීම් ආරම්භ කර තිබේ. එරට සරණාගතයන්ට සිදුවෙන ප්‍රහාර අන්තර්ජාලයෙන් බිහිවෙන රැඩිකල්වාදයේ ප්‍රතිඵල බව ජර්මන් ෆෙඩරල් අපරාධ පොලිස් අධිකාරිය පවසයි. යුරෝපීය සරණාගත අර්බුදය හමුවේ දේශපාලන අරමුණු සදහා අන්තර්ජාලයේ මෙවන් ක්‍රියා කිරීම අවාසනාවක් බව ඔවුහු පවසති.
පසුගිය වසරේ ජර්මනියෙන් මිලියනයක පමණ සංක්‍රමණිකයින් සහ සරණාගතයන් පිරිසක් වාර්තා විය. පළාත් 14ක වැටලීම් ආරම්භ කර ඇති අතර ඒ සදහා පොලිස් මධ්‍යස්ථාන 25ක් යොදාගනෙයි. 2015 සිට ෆේස්බුක් හරහා රහස් සංවාද මගින් එවන් අදහස් පැතිරවූ කණ්ඩායමක් පිළිබදවද පොලිසිය ප්‍රකාශයක් නිකුත් කළේය. එවන් අදහස් මකාදැමීමට පියවර ගැනීමට අසමත් වීම නිසා එරට රජය විසින් ෆේස්බුක්, ට්විටර් හා ගූගල් යන ආයතන වලට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර මෙම වසර අවසානයේ සිට එම ජාල වල පලවෙන එවන් අදහස් පැය විසිහතරක් ඇතුලත මකාදැමීමට එම ආයතන පොරොන්දු වී තිබේ.
2025 නොවැම්බර් මස 04
588
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1708
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාතිවාදය වපුරන අය හොයන්න ජර්මනියේ වැටලීම්
සරත් Friday, 22 July 2016 09:11 AM
පෙරේදත් ජර්මනියේ කෝච්චියක ඇෆ්ගන් ජාතිකයෙක් විසින් පොරෝවක් අරගෙන මිනිස්සුන්ට කොටලා තිබුනා .ඊට කලින් සංක්‍රමිකයෝ සමුහ දුෂණයකට ලක් කරපු තරුණියක් එම දුෂණය නිසාම ගැබ් අරගෙන පසුව ගබ්සාවක් කරගෙන තිබුනා .රටේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න බැරිනම ඉබේම ඔය වගේ දේවල් වෙනවා.(හේ)
රවිඳු Thursday, 21 July 2016 07:40 PM
ජාතිවාදය පතුරුවන්නේ ලංකාවේ ඉන්න අය විතරක් නෙමෙයි. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල තමන්ගේ වීසා එක දික්කරගන්න බැරුව ඉන්න සිංහලයින් සහ ද්‍රවිඩයින් හැමෝම කැමතියි ලංකාවේ නැවත යුද්ධයක් හට ගන්නවා නම්. ලංකාවේ ප්‍රතිරූපය සුද්දන්ට පාවා දීලා ලාංකික සමාජයත් විනාශ කරන මිනිසුන් එම රටවල් වලින් පිටුවහල් කරන මෙන් ශ්‍රී ලංකා රජය එම රටවල නායකයෙන්ගෙන් ඉල්ලා සිටිය යුතුයි. (නි)
විකුම් රංගන Thursday, 21 July 2016 10:05 AM
මේ වගේ නීති ජර්මනියට කලින් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඕන කියලයි මට නම් හිතෙන්නේ.දෙමළ පුද්ගලයෙකුට හයියෙන් වාතයක් පිට වුණත් එය බෝම්බ හඬක් ලෙස ඇසෙන පිරිසක් අප අතර සිටිනවා. (අ)
කැලුම් දිසානායක Thursday, 21 July 2016 05:17 AM
මේ වගේ නීති ලංකාවට අවශ්‍යයි (හේ)
පුෂ්පකුමාර Thursday, 21 July 2016 02:15 PM
හැබැයි ජර්මනියේ ලංකාවේ වගේ ජාතිවාදය පතුරුවන පුජකයින් නම් නැතිව ඇති. කුමන ජාතියකට අයත් වුණත් ජතිවාදින්ව මේ සමාජයෙන් තුරන් කල යුතුයි.(අ)