මධ්‍යම අප්‍රිකා ජනරජයේ බම්බාරීහී ජාතිවාදී ගැටුම් හේතුවෙන් දින දෙකකදී 25 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.බ්‍රහස්පතින්දා(27) ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 15 දෙනකු මිය ගිය බවත් සිකුරාදා(28) ඇතිවූ ගැටුම් වලින් පොලිස් නිලධාරීන් හය දෙනකු සහ සිවිල් වැසියන් සිව් දෙනකු මිය ගිය බවත් පොලිසිය කියයි.
පළිගැනිම් සහ ජාතිවාදී ගැටුම් නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ආගමික කණ්ඩායම් වලට දැනුම් දුන්නේය.
2013 දී කැරලිකරුවෝ එරට ජනපති බලයෙන් පහ කර කෙටි කාලයකට බලය ලබාගත්හ. 2013 සිට එරට ජාතිවාදී ගැටුම් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.2013 සිට මේ දක්වා දහස් ගණනක් මිය ගොස් ඇති බවත් මේ තත්ත්වය නතර කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකාය පවසයි.සාමසාධක නියෝජිතයින් 12000ක් පමණ යොදවා ඇති බව වාර්තා වෙයි.
(2014 සිට සාමසාධක නිලධාරීහු 12000ක් පමණ අනුයක්ත කර තිබිණි)
(ඡායාරූප-ඒ.එෆ්.පී)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd