
ජාත්‍යන්තර යෝග දිනය අද (21) ට යෙදී තිබේ. යෝග ව්‍යායාම හරහා නිරෝගී දිවියක් යන තේමාව යටතේ, ජාත්‍යන්තර යෝග දිනයක් නම් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. ඒ, 2014 වසරේදීය.
ඒ අනුව, ඉන්පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් සෑම වසරකම ජූනි 21 වැනිදා ජාත්‍යන්තර යෝග දිනය සැමරීම සිදුවෙයි.
අද (21) ඉන්දියාවේ ප්‍රධාන යෝග දින සැමරුම් උත්සවය සුපුරුදු පරිදි අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ, මයිසූර්හිදීය.
මෝදි මයිසූර් බලා ගොස් සිටින්නේ කර්ණාටක ප්‍රාන්තයේ දෙදින සංචාරයක් අතරතුරේය. මයිසූර් මාලිගා භූමියේ සිය ගණනක් දෙනා පිරිවරාගනිමින් අග්‍රාමාත්‍ය මෝදි උදෑසන යෝග ව්‍යායාමවල නියැලුණේය.
ඉන්දියාෙව් ප්‍රධාන නගර රැසකත්, තායිලන්තය, කාම්බෝජය ඇතුළු රටවලත් ජාත්‍යන්තර යෝග දිනය වෙනුවෙන් යෝග ව්‍යායාම සංවිධානය කර තිබුණි.
මේ අතර, අද (21) ජාත්‍යන්තර යෝග දිනයට නිමිත්තෙන් අග්‍රා හි පිහිටි ටාජ්මහල නොමිලේ නැරැඹීමට පැමිණෙන ඕනෑම අයකුට අවසර ලබා දෙන බව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ ද වොෂින්ටන් අගනුවර ද යෝග සැසියක් පැවැත්විණි. ඒ, ඇමෙරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙනි.
ඊට අමතරව, යෝග ප්‍රචලිත කිරීමට සහ යෝග වෙනුවෙන් මැදිහත් වී කටයුතු කළ පුද්ගලයන් ඇගයීම වෙනුවෙන් ‘යෝග සම්මාන උළෙල’ යන නමින් සම්මාන උළෙලක් ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇතැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd