රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් කෙරෙන පරීක්ෂණයකට තමන් බිය නැතැයි මියන්මාර නායිකා අවුන් සාන් සූ කි මහත්මිය අද (19) ප්‍රකාශ කළාය.
මියන්මාරයේ උද්ගත වී තිබෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ මියන්මාර නායිකාව අර්බුදය සම්බන්ධයෙන් ප්‍රථම වරට අදහස් දැක්වමින් එසේ කීවාය.
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මියන්මාර රජයේ හමුදාවලට චෝදනා එල්ල වී තිබෙන අතර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 421,000ක් පසුගිය කාලයේදී රට හැර ගොස් තිබේ.
විවිධ ජන කොටස් රැසක් ජීවත්වන මියන්මාරයේ සුළුතර මුස්ලිම් ජන කොටසක් වන රෝහින්ග්‍යාවරුන් ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වේ. ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තේ මියන්මාර රජයේ හමුදා යැයි රෝහින්ග්‍යාවරුන් චෝදනා කරන අතර ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තේ රෝහින්ග්‍යා කැරැලිකරුවන් යැයි මියන්මාර ආණ්ඩුව ප්‍රකාශ කරයි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දක් තියෙන යකඩ දියණිය මගේ ප්‍රණාමය ඔබ තුමියට!!!
මෙයත් බලය ලැබුණහම සිම්බාබ්වේ රෝබෙර්ට් මුගාබේ වගේ වෙයිද දන්නේ නැහැ. මොකද මුගාබේ පළමුව නිදහස් සටන් කාමියෙක් වෙලා ඊළගට එකාධිපතියෙක් උනා.
මෙයා ලෝකයා එක්ක ගේමට බහින්න වගේ ..... ලෝකයාගෙන් හොඳ පරිප්පුවක් කන දවස ඈත නොවේ.
මෙයාගේ තරම දැනගෙනයි හිටපු හමුදා පාලනයෙන් නිවාස අඩස්සියේ තිබ්බේ. හිට්ලර්, පොල්පොට්, මුසෝලිනි වගේ දරුණු සමුල ඝාතකයින්ගේ ලැයිස්තුවට පත්වෙලා ඉවරයි. හැබැයි, කවදාවත් මෙයාට නීතියෙන් දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒ මැය පිටිපස ලෝක ත්‍රස්තවාදීන් ඉන්න නිසා. ඒත්, මැරෙන්න කලින් කරපු අපරාධවලට දඬුවම් ලැබෙනවා නොඅනුමානයි.
කොන්දක් තියෙන ගැහැනියක්. ඔය සුළුතරයි කියන කොටස මියන්මාරයේ නෙවේ... ලෝකේ කොයි රටේ හිටියත් ඒ රටේ මහජාතියට මහවදයක්. ඕවට කියන්නේ ඉල්ලන් කනවා කියලා. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ. අපේ රටේ නායකයෝ සුළුතර ඡන්ද වලට දෙකට නැමුණාට ඒ රටවල එහෙම නැහැ.
අපෙත් හිටියා මේ වගේ කොන්ද පණ තියෙන නායකයෙක්. එ්ත් මිනිස්සු එකතුවෙලා දැන් ඉන්න නායකයෝ පත් කර ගත්තා.
ලොව පාලන සියලු දෙවියෝ මෙතුමිය රැකගනීවා !!!