පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයෙන් ප‍්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදි පක්ෂයට ආසන 24  ක ජයක් හිමිකර ගැනීමට හැකි විය.

මින් පෙර මැතිවරණයට වඩා ආසන 22ක් ජය ගැනීමට මෙවර ඔවුන්ට හැකි වුයේය. එම පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දින පැරීසියේ පැවැත් වීමට සැලසුම් කර තිබිණි.

 කාන්තා හඬ වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන උඩුකය නිරුවත් කාන්තාවෝ එම සාකච්ඡාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම හේතු කොට මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීමට සිදු වුයේය. පක්ෂයේ ප‍්‍රධානි මරී ලෙෆෙන් මහත්මිය දැඩි විවේචනයට ලක් කරමින් ”ඒකාධිපති ජාතිවාදියා” ,”ජාතිවාදි වසංගතය පතුරු වන්නා ” යනුවෙන් සටන් පාඨ ඇඟේ ලියාගෙන  හිට්ලර් පන්නයේ උඩුරැවුල සංකේතවත් කළ උඩුකය නිරුවත් කාන්තාවෝ 24 දෙනෙක් මෙම උද්ඝෝෂණයට සහභාගිවී සිටියෝය.

PI1

PI3

PI2