ඇමරිකාවේ ආර්කන්සාස් නගරයේ ලිට්ල් රෝක් සත්වෝද්‍යානයේ ජගුවයකුගේ කූඩුවකට වැටුණු දරුවකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ලිට්ල් රෝක් පොලිසිය පවසන්නේ වයස අවුරුදු තුනක ළමයාගේ පය ලිස්සා යාම හේතුවෙන් ඔහු ජගුවර් කුඩුවට වැටී ඇති බවයි.
සිද්ධිය වන අවස්ථාවේ ළමයා සමග පියා සහ සීයා ද සිට ඇත. ළමයාගේ පියා ජගුවර් කූඩුව වටා ඇති ආරක්ෂක වැටට හේත්තුවී එම සතුනගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පුතා පය ලිස්සා වැටී ඇත. මේ දරුවා අඩි 16ක් පමණ පහතට වැටුණු බවත් තදින් කෑ ගැසූ බවත් සීයා පවසා ඇත.
කූඩුවේ සිටි ජගුවර් දෙදෙනෙක් දරුවාට පහර දි ඇත. එක් ජගුවරයකු ළමයාගේ පාද සපාකද්දී අනෙක් ජගුවරයා ගෙල පෙදෙස සැපීමට උත්සාහ ගෙන ඇත.
වහා ක්‍රියාත්මක වූ සත්වෝද්‍යාන සේවකයන් ගිනිනිවන උපකරණ මගින් ජලය විද ජගුවරයන් ගෙන් ළමයා ඈත් කරති. ඒ අතර ඉනිමගක් කුඩුව තුලට දමා ළමයා බේරාගත් බව සත්වෝද්‍යානය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
සත්වෝද්‍යාන භාරකරුවන් පවසන්නේ ළමයා බේරා ගන්නා අවස්ථාවේ සිහිකල්පනාව තිබු බවයි. පසුව සිඟිත්තා වහාම ආර්කන්සස් ළමා රෝහළට ඇතුලත් කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂක ඩැන් මැක් ෆේඩන් පවසන්නේ ළමයාගේ තත්වය බරපතල බවයි. අනතුරට පත් ළමයාගේ නම සහ වෙනත් තොරතුරු මේ අවස්ථවේදී හෙලි නොකරණ ලෙස ඔහුගේ භාරකරුවන් කරණ ලද ඉල්ලීමට තමන් ගරු කල බව ද රෝහල් අධ්‍යක්ෂක වරයා පවසයි.
නාගරික බලධාරින් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගුවර කූඩුවට වැටුණු දරුවා බේරා ගැනෙති
සෙනරත් Monday, 13 October 2014 03:16 AM
මම හිතාගෙන හිටියේ මේ වගේ නොසැළකිලිමත් දෙමවුපියෝ ඉන්නේ ලංකාවේ විතරයි කියලා. දැන් බැලුවම ඇමරිකන්කාරයොත් මෙහෙ අය වගේමයි. අවුරුදු 3 පොඩි ළමයෙක්... ජගුවර් කූඩුව ළඟදිවත් සැළකිල්ලෙන් බලන්නේ නැහැ කියන්නේ, අනිත් වෙලාවට තියෙන සැළකිල්ල කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ. (නි)
ගාමිණී Thursday, 16 October 2014 09:53 PM
මෙතන කිසිම ආරක්ෂාවක් නැතිහැඩයි. මේ දරුවා ජීවත්වෙන එකත් ලොකු වාසනාවක් (නි)
ජයාත් Monday, 13 October 2014 10:49 AM
ඔය වගේ සිද්ධි වලට හොඳ විහිළු කතාවක් තියනවා. දවසක් සිංහ කූඩුවකට මිනිහෙක් වැටුනලු, අත්වැරදීමකින්. සිංහයා ගොරවාගෙන දත් විලිස්සාගෙන මිනිහා ළඟට පැන්නලු. මිනිහා හිතුවලු මගේ අවසානය තමයි කියලා. එතකොටම සිංහයා මිනිහව බදාගෙන කියනවලු "බය නැතුව හිටපන් මෙහෙම හිටියට මමත් උඹ වගේම එකෙක් කියලා" (නි)
neha Wednesday, 15 October 2014 10:21 AM
දරුවා බල ගන්නවාට වඩා වැඩිය වටින්නේ ජගුවරයාගේ ෆොටෝ එක.(හේ)
ශාමික Wednesday, 15 October 2014 12:45 PM
ඇත්තටම ඒ වෙලාවේ ගිනි නිවන හමුදාව ආපු එක කොච්චර දෙයක් ද. නැත්නම් අර පැටියාගේ ජිවිතේ.(හේ)
නිහාල් Sunday, 12 October 2014 07:59 PM
මෙතැන කිසිම ආරක්ෂාවක් තිබිල නැනේ පය ලිස්සුවොත් කූඩුවේ (අ)
බමුණු Sunday, 12 October 2014 11:07 PM
ලංකාවෙත් බොහොම ඉස්සර වලසුන් ඉන්න වලට සුදු ජාතිකයෙකුගේ දරුවෙක වැටුන කියල මාව සූ එකේ සත්තු බලන්න එක්කර ගෙන ගිය මගේ පියා මටකීව. මාවත් උස්සලයි ඒ වල පෙනුවේ වැටුනානම් කපෝති.(අ)
ඉසුරන්දි Monday, 13 October 2014 08:52 AM
මෙහෙමත් දෙයක්.(හේ)