ප්‍රාශ්වාස වාතයේ මද්‍යසාර ප්‍රමාණය මැනිය හැකි නවතම උපකරණයක් හදුන්වාදීමට ඇමරිකාවේ ‘‘බැක්ට්‍රැක්‘‘ සමාගමක් සමත්ව සිටී.
ප්‍රාශ්වාස වාතයේ මද්‍යසාර මැනීමට ජංගම දුරකථනය යොදා ගැනෙයි. මුව තබා පිඹිය හැකි ලෙස ඇති කුටීර කොටසට වාතය පිඹීමෙන් පසු එහි ඇති සංවේදක ජංගම දුරකථකතනයේ මෘදුකාංගයක් හා රැහැන් රහිතවම සම්බන්ධ වේ.අනතුරුව සංවේදක ඔස්සේ ලැබුණු තොරතුරු ආධාරයෙන් මෘදුකාංගය ප්‍රාශ්වාස වාතයේ ඇති මද්‍යසාර ප්‍රමාණය ගණනය කර තිරයේ දර්ශනය කරයි.
මේ මෘදුකාංගය ෆේස්බුක් ට්විටර් වැනි ගිණුම් හා සම්බන්ධ වීමේ හැකියාවෙන්ද යුතුය.පරීක්ෂණය කළ පසු ලැබෙන ප්‍රතිඵල ෆේස්බුක් පිටුවේ හෝ ට්විටර් පිටුවේ සටහන් වීම මෙහිදී සිදුවේ.ඒ අනුව මිතුරන්ට ඔබ කෙතරම් බීමත්ව සිටින්නේදැයි දැනගැනීමටත් පිළිවන් බව බැක්ට්‍රැක් සමාගම කියයි.මීට අමතරව අහල පහලක බීමත් අය සිටින්නේදැයි සොයාගැනීමටත් මේ මෘදුකාංගය සමත්ය.ඒ මේ මෘදුකාංගයම ස්ථාපනය කර ඇති ජංගම දුරකථන සොයා අන්තර්ජාලය ඔස්සේ ප්‍රදේශය පීරීමෙනි.
පහසු වුවත් සමාජ ජාල වෙබ් අඩවි හා සම්බන්ධ වීමට ඇති හැකියාවට බොහෝ දෙනාගේ විරෝධය එල්ල වී තිබේ.ඔවුන්ගේ අදහස වන්නේ මිතුරන් අතරින් වඩාත්ම බීමත්ම පුද්ගලයා වීමේ ආදී ‘‘තරග‘‘ එකිනෙකා අතර ඇතිවීමට මෙය මුල්වනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලා වාහන එලවන අයට තමන් කොච්චර බීවද කියල දැන ගන්න නම් පුළුවන් වෙයි. ටොරොන්ටෝ වල නම් බිර බෝතලයක් හෝ වයින් විදුරුවක් බිල එලවන්න පුළුවන්. දැන් එහෙ නම් ඇල්කොහොල් කිරල මැනලම බොන්න පුළුවන් වෙයි.(නදී)
හොද නිර්මාණයක් හොද දේ අපට දෙන ඇමයිරිකාවට මම ආදරේයි.(නදී)
දැන් පවුලට පුළුවන් මහත්තයා බීලද බලන්න. (නි)
අනේ මන්දා
මහත්තයටත් පුළුවන් නෝනා බීලද බලන්න. (නි)
කොහොම කොහොම හරි ලෝකයේ පොලිසි වලට විකුණගන්න පුළුවන් වේවි. ලක්ෂ ගණනක්.ශ්‍රී ලංකා පොලිසිය නම් දැනටමත් ඇනවුම් කරලා ඇති.ගංජා, කුඩුකාරයෝ මින් ගැළවෙනවද? (නි)