ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩය උඩු සාක්කුවේ දමා තිබූ ජංගම දුරකථනයේ දැවටීම නිසා තායිවානයේ හ්සින්චු ප්‍රදේශයේ අවන්හලකදී ගැටුමකට මැදිවී වෙඩිකෑ පුද්ගලයෙකු දිවි ගලවාගත්තේය.
උණ්ඩය දැවටුණු ජංගම දුරකථනය දැඩිව සිරුරට තෙරපීම නිසා ඇතිවූ කුඩා තැල්මක් හැරෙන්නට ඔහුට කිසි ආපදාවක් නොවීය.
වෛද්‍යවරු පැවසූයේ ජංගම දුරකථනය නොතිබුණේ නම් ඔහු නියත වශයෙන්ම මිය යන්නට තිබුණු බවයි.
ඔහුට වෙඩි තැබූයේද ඔහුගේම මිතුරෙකුය.
ඔහු නොදැනුවත්ව බිම වැටී තිබුණු ඔහුගේ මුදල් පසුම්බිය අසුළාගත් මිතුරා එයින් මුදල් රැගෙන මුලූ අවන්හලටම මත්පැන් මිලදී ගෙන දෙන්නෙමියි මහ හඩින් පැවසීම ගැටුමට මුල් විය.
බැණ අඩ ගසා ගැනීම් උත්සන්නව අවසානයේ මිතුරා තුවක්කුවක් රැගෙන වෙඩි තැබීය.
ඔහු පළා ගිය අතර පසුව ඔහුම පැමිණ පොලිසියට භාරවී ඇතැයි සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් " බුලට් ප්රුෆ් " ජංගම හලෝවක් වෙන්න ඇති. (නි)
දැන් තියෙන ශක්තියෙන් අඩු මොබයිල් නියම වෙඩි උණ්ඩයකට නම් කුඩේ කුඩුම තමා! (නි)
අන්න නියම යාලුවෝ. අදහන්න වටිනවා!!! (අ)