ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩය උඩු සාක්කුවේ දමා තිබූ ජංගම දුරකථනයේ දැවටීම නිසා තායිවානයේ හ්සින්චු ප්‍රදේශයේ අවන්හලකදී ගැටුමකට මැදිවී වෙඩිකෑ පුද්ගලයෙකු දිවි ගලවාගත්තේය.
උණ්ඩය දැවටුණු ජංගම දුරකථනය දැඩිව සිරුරට තෙරපීම නිසා ඇතිවූ කුඩා තැල්මක් හැරෙන්නට ඔහුට කිසි ආපදාවක් නොවීය.
වෛද්‍යවරු පැවසූයේ ජංගම දුරකථනය නොතිබුණේ නම් ඔහු නියත වශයෙන්ම මිය යන්නට තිබුණු බවයි.
ඔහුට වෙඩි තැබූයේද ඔහුගේම මිතුරෙකුය.
ඔහු නොදැනුවත්ව බිම වැටී තිබුණු ඔහුගේ මුදල් පසුම්බිය අසුළාගත් මිතුරා එයින් මුදල් රැගෙන මුලූ අවන්හලටම මත්පැන් මිලදී ගෙන දෙන්නෙමියි මහ හඩින් පැවසීම ගැටුමට මුල් විය.
බැණ අඩ ගසා ගැනීම් උත්සන්නව අවසානයේ මිතුරා තුවක්කුවක් රැගෙන වෙඩි තැබීය.
ඔහු පළා ගිය අතර පසුව ඔහුම පැමිණ පොලිසියට භාරවී ඇතැයි සදහන්ය.
2025 නොවැම්බර් මස 04
352
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2154
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජංගම හලෝව දිවි බේරයි
ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:29 PM
ඒක නම් " බුලට් ප්රුෆ් " ජංගම හලෝවක් වෙන්න ඇති. (නි)
ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:30 PM
දැන් තියෙන ශක්තියෙන් අඩු මොබයිල් නියම වෙඩි උණ්ඩයකට නම් කුඩේ කුඩුම තමා! (නි)
අජිත් Thursday, 31 July 2014 02:02 PM
අන්න නියම යාලුවෝ. අදහන්න වටිනවා!!! (අ)