මනසින් පාලනය කළ හැකි ජංගම දුරකථන,සාක්කු පරිගණක ආදී උපාංග නිපදවීමට දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
පරීක්ෂණ සාර්ථක වුවහොත් කෙටි පණිවුඩයක් ලිවීමට,සංගීතය රසවිදීමට,දුරකථනයේ තැන්පත් කර ඇති අංක අතරින් තමාට අවශ්‍ය අංකය තෝරා ගැනීමට ආදී ජංගම දුරකථන හා සාක්කු පරිගණක වලින් කෙරෙන සියලූ කි‍්‍රයාකාරකම් සිදුකර ගැනීමට අවශ්‍ය වනු ඇත්තේ තමන්ට අවශ්‍ය කාරිය ගැන සිතීම පමණි.
තවමත් පරීක්ෂණ මට්ටමේ පැවැතියද මේ දක්වා සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකිව ඇතැයි පරීක්ෂණ කටයුතු මෙහෙයවනා විද්‍යාඥ පිරිස පවසයි.පැවැසෙන ආකාරයට මේ දිනවල ඔවුන් විශේෂ ‘‘ඉලෙක්ට්‍රෝඩ තොප්පියක්‘‘ යොදාගනිමින් මොළයෙන් නිකුත් කෙරෙනා විද්‍යුත් තරංග නිරීක්ෂණය කරමින් සිටී.මොළය පුරා අදහස් සංසර්ණය වනුයේ විද්‍යුත් තරංග ලෙසය.පර්යේෂකයන්ගේ අදහස ඒ ඒ අවස්ථාවන්හීදී මොළයේ තරංග නිරීක්ෂණය කර ඒවාට ප‍්‍රතිචාර දැක්විය හැකි වන සේ ජංගම දුරකථන ඇතුලු උපාංග දියුණු කිරීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු රටවල දැනටමත් විශාල සංඛ්‍යාවක් සුළු මානසික රෝග වලින් පෙළෙනවා. හේතුව ,පරිඝණක ක්‍රීඩා (නි)
මේ විදියට තවත් ඉදිරියේදී ඕනෑම දෙයක් ළගටම ගෙන්නාගන්න පුළුවන් වෙයි වගේ (නි)
මෙහෙම ගියොත් අපේ ශරීරයේ අවයව අපිට වැඩක් නැති වෙනවා. මෙලෙසට හැමදේම කෙලින්ම ලබාගන්න පුළුවන්. ඉතින් ඇග වෙහෙසන්න ඕනෑ නැතිවෙයි. එතකොට අත පය නැතිවෙලා යයි කියලා මට හිතෙනවා (නි)
මිනිස්සු ලෙඩ කරවන දෙයක්ද දන්නේ නැහැ (නි)
මේ තාක්ෂණේ අනාගතේදී සැකකරුවන්ට හයි කරලා ඔවුන්ගේ හිතේ තියන අදහස් ලබා ගැනීමට යොදා ගන්න උත්සාහ කරනවා කියලා අන්තර්ජාලයේ තියනවා. (නි)
මොනවද දයා මේ කතා? තාම ඉන්නේ ගල් යුගයේද? කුරියර් සර්විස් ගැන නිකමටවත් අහලාම නැද්ද? (නි)
තාක්ෂණයේ දියුණුව නම් ගොඩක් හොඳයි. ඒත් ඕවා ඇයි ජංගම දුරකථන වලටම විතරක් යොදාගන්නේ? මනුස්සයාගේ හොඳ පැත්තට යෙදෙවුවා නම් හොඳයිනේ (නි)
මනසින් මනස පාලනය කරන්න ඉගෙනගත් දාට අපි දිනුම්. (නි)
අපේ යට පාපැදියක් වත් හද ගන්ට බැරි වුණාට කතාව නම් රාවනාගේ දඩු මොනර ගැන. ඉරිසියාවට එක එක කතා කියලා පහත් කරනවා. ඕක ඉතින් අපේ රටේ මානවයාගේ හැටිනේ.... (නි)
මේවා පරිගණකයටත් වඩා ජංගම දුරකතනයට එන එක කොච්චර දෙයක්ද? ව්‍යාපාරිකයෙක්, තරුණයෙක් හැටියට මගේ දැනුම විනෝදය, කරුනු ගබඩා කිරීම වගේ දේට. ඉගෙනගන්න කාලයේ ඉඳන් ජංගම දුරකතනයට කොතරම් තැනක් දුන්නද කියනවා නම්, දැන් මගේ පරිගණකය පාවිච්චි වෙන්නේ හරිම කලාතුරකින්. මේ වගේ තාක්ෂණයක් ඉස්සර තිබුනා නම් දේශන වලදී ඒවා ජංගම දුරකතනයට ඇතුලත් කිරීම මට කොතරම් පහසු වන්නට තිබුනාද? (නි)
ලෝකය තාක්ෂණයෙන් කොච්චර ඉදිරියට යමින්ද තියෙන්නේ? හොද වගේම නරක පැත්තත් තියෙනවා. තෝරා බේරා ගැනීම අපේ අතේ. මොනවා වුණත් හොද වැඩක්. (නි)