ඇමෙරිකාව් නිව්යෝක් නුවර ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඉල්ලීමක් කර තිබේ.
යුක්රේන ජනාධිපතිවරයා කළ මෙම ඉල්ලීමට රුසියාව සහ රුසියාවට සහාය දක්වන සාමාජික රටවල් කීපයක් විරෝධය දක්වා ඇති නමුත්, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ජගත් මහ සමුළුව ඇමැතීමට ජනාධිපති සෙලෙන්ස්කීට අවසර හිමිවනු ඇති බවය.
සෙලෙන්ස්කී කළ ඉල්ලීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මෙසේ පවසා ඇත.
‘සෙලෙන්ස්කී බොහොම නිදහසේ ඔහුගේ රටේ එහෙ මෙහෙ යනවා. ඒත් ජගත් මහ සමුළුව අමතන්න ඔහුට එන්න බැහැ. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු සමුළුවට සහභාගී නොවන්නේ නම්, ඒ වෙනුවට සහභාගී වන්නේ නියෝජිතයෙක්. සෙලෙස්කී කළ යුත්තේත් එයයි. පෙර පටිගත කළ වීඩියෝ පණිවුඩයකින් සමුළුව අමතන්න ඔහුට ඉඩ දෙන්න බැහැ.’
යුක්රේන ජනාධිපති සෙලෙන්කී, එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතීමට සූදානම් වන්නේ එලැඹෙන සැප්තැම්බර් 21 වැනිදාය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජගත් සංවිධානය අමතන්න යුක්රේන ජනපතිට අවසර