
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය තීරණය කර ඇත.
පසුගිය දා ඉරානය ඊශ්‍රායලයට මිසයිල 200 කින් පමණ පහර දුන්නේය. එහ ප්‍රහාර වලක්වා ගැනීමට ඊශ්‍රායලය සමත් විය. එහිදී ඇමෙරිකාවේත් එක්සත් රාජධානියේත් සහාය ඊශ්‍රායලයට හිමිවිය. ඉරානය එල්ල කළ එම ප්‍රහාරය තරයේ හෙලා දැකීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ක්‍රියා නොකළ බව ඊශ්‍රායලය කියයි.
‘ඉරානය එල්ල කළ එම කුරිරු සහාසික ප්‍රහාරය අවිවාදාත්මකය හෙලා දැකීමට ජගත් මහ ලේකම්වරයා කටයුතු කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් අප අපගේ අප්‍රසාදය පළ කරනවා. විරෝධය පළ කරනවා. ඊශ්‍රායලයට පය තැබීමට අප ඔහුට අවසර දෙන්නේ නැහැ.’ යැයි ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ යුද්දේ කාලෙත් ඕකෙ හිටියා බෑන් කී මූන් කියලා කාලකන්නියෙක්.