IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජගත් මහ ලේකම් ධුරය යළිත් ගුටරෙස්ට

පෘතුගාලයේ ඇන්තෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස නැවත තේරී පත්ව ඇත.  සිය දෙවැනි ධුර කාලය ඇන්තෝනියෝ ගුටරෙස් ට හිමිවූයේ කිසිවකුගෙන් විරෝධයක් නොමැතිවය. එපමණක් නොව, වෙනත් කිසිවකු මහ ලේකම් ධුරය ඉල්ලම් කර තිබුණේ ද නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193ක් වන අතර ඔවුන් සියලු දෙනාගේ සහාය ඇන්තෝනියෝ ගුටරෙස් ට හිමි වූ බවත් ලොව රටවලින් ඔහුට හිමි වූ හෙතෙම නිහතමානීව බාරගන්නා බවත් එයින් තව තවත් ශක්තිමත් වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇන්තෝනියෝ ගුටරෙස් 72 වැනි වියේ පසුවෙයි.

“මට ලැබුණු සහයෝගය සම්බන්ධයෙන් මම නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම එයින් මම තවත් ශක්තිමත් වෙනවා. දෙවැනි ධුර කාලයේ මගේ තේමාව වන්නේ ගැටුම්, දේශගුණික විපර්යාස, වසංගත, දරිද්‍රතාව සහ අසමානාත්මතා තුරන් කිරීම” යැයි ඇන්තෝනියෝ ගුටරෙස් කීය.

“ලොකු පොඩි සෑම රටක් අතරේම විශ්වාසය ගොඩනගන්න මම මගේ උපරිමයෙන්ම උත්සාහ කරනවා. පාලම් තනන්න රටවල් අතර විශ්වාසය ඇති කරන්න මම මගේ පූර්ණ ශක්තිය යොදවනවා” යැයි ධුරයේ දිවුරුම් දීමෙන් පසුව මහ මණ්ඩලය සැසිය අමතමින් මහලේකම්වරයා පැහැදිලි කළේය.

කිසිදු ඡන්ද විමසීමකින් තොරව ඇන්තෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයට පත්වූ බව මහ මණ්ඩල සැසියේ සභාපති වෝල්කන් බොස්කිර් නිවේදනයක් කිරීමත් සමඟ සැසිය පැවැත්වෙන ශාලාවේ සිටි තානාපතිවරු අත්පොළොසන් දුන්හ.

සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගුටරෙස් නැවත පත් කිරීම සඳහා මේ මස මුලදී මහ මණ්ඩල සැසියට නිර්දේශ කළේය. ඔහුගේ දෙවැනි ධුර කාලය නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව ඇත්තේ 2022 ජනවාරි 1 වැනිදා ය.

ඇන්තෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයට පත්වූයේ 2017 වසරේ ජනවාරි මාසයේ දී ය. ඔහුට පෙර එම ධුරය හෙබවූයේ බැන් කි මූන් ය. ඇන්තෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයට පත්වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීමට සති කිහිපයක් තිබියදී ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම දායකත්වයක් සපයන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇන්තෝනියෝ ගුටරෙස්ට සිය පළමු ධුර කාලය ගත කිරීමට සිදු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වූ විරෝධය මඟ හරවා ගැනීමට ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බහුපාර්ශවීත්වය ප්‍රශ්න කළේය. එක්සත් ජාතීන්ගේ අයවැයෙන් සියයට 22කට හිමිකම් කියන්නේ ඇමෙරිකාව ලබාදෙන දායකත්වයයි.

එමෙන්ම සාමය පවත්වාගෙන යෑමේ අයවැයෙන් හතරෙන් එකකට හිමිකම් කියන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධතා නැවත ආරම්භ කරන බව ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පැවැසීය.

 එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි එහි අනුබද්ධිත සංවිධානවලට අරමුදල් දීම නැවැත්වීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේ ය. එම පියවර අවලංගු කරමින් එම සංවිධානවලට අරමුදල් සපයන බව ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළේය.

(අල් ජසීරා)



අදහස් (0)

ජගත් මහ ලේකම් ධුරය යළිත් ගුටරෙස්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site