
රුසියන් යුක්රේන අර්බුදයේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත් වූ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් දැඩි කනස්සල්ලෙන් පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ, යුක්රේනයේ කීව් අගනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එම මාධ්‍ය හමුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සහභාගී විය. මාධ්‍ය හමුව පැවැත්වූයේ කීව් අගනුවරට රුසියන් රොකට් ප්‍රහාරය එල්ල වීමෙන් පසුවය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ආයතනයයි. ලෝකයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමේ ප්‍රධාන අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පිහිටුවා ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන්නේ රුසියාවය.
යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් ගැනීම සම්බන්ධයෙන්, ආරක්ෂක මණ්ඩලය රුසියාවට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට උත්සාහ කළත්, රුසියාව නිෂේධ බලය භාවිතයට ගනිමින් ඊට විරෝධය දැක්වීය.
ඒ අනුව, යුක්රේනයේ යුදමය තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට ආරක්ෂක මණ්ඩලය අපොහොසත් වීම සම්බන්ධයෙන් ජගත් මහ ලේකම් ගුටරේස් මාධ්‍ය හමුවේ දී සිය කනගාටුව පළ කළේය.
‘මා පැහැදිලිව කියන්න ඕනෑ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත්. යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් අසමත්. පවතින යුද ගැටුම් අවසන් කර ගැනීමට නොහැකි වීම නිසාත් ඔවුන් අසමත්. කළ හැකි හැමදේම කරමින් යුදමය තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම ඔවුන් කළ යුතු වුණා. ඒත් එහෙම වුණේ නැහැ. රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත්.” යැයි මහ ලේකම්වරයා අවධාරණය කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජගත් ආරක්ෂක මණ්ඩලය අසමත් - මහ ලේකම් ගුටරේස්