
‘ජී20’ කණ්ඩායමෙන් රුසියාව නෙරපා දැමිය යුතු යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසයි. කැනඩා අග්‍රාමත්‍යවරයා මෙසේ පැවැසුවේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමිනි.
‘ජී20’ යනු ලොව ශක්මත් ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 20 ක එකමුතුවය. එලැඹෙන ‘ජී20’ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේය.
‘ජී20’ සමුළුවට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන්නේ නම් හොඳයි යැයි කැනඩා අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත. ‘ජී20’ සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ පවසා ඇත්තේ යුක්රේන රුසියන් අර්බුදය හේතුවෙන් ‘ජී20’ සමුළුපැවැත්වීම අභියෝගයක් වී ඇති බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd