IMG-LOGO

ජෝ බයිඩන් කොරෝනා පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කරයි

ඉදිරියේදී තම, ‘කොවිඩ්-19’ පරීක්ෂණ වාර්තා ඇතුළු ඊට අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා තීරණය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව එම පියවර ගැනීමට ජෝ බයිඩන් මහතා මෙම තීරණය ගෙන ඇත.

ජෝ බයිඩන් මහතා මීට පෙර සිය ‘කොවිඩ්-19’ පරීක්ෂණ කෙරෙන ආකාරය සහ ඒවායේ ප්‍රතිඵල යනාදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කර නැත. තමන් අද දිනයේදී කොවිඩ්-19 පරීක්ෂණයකට මුහුණ නොදුන් බවත් එසේ නමුත් ඉරිදා (අද) උදෑසන පරීක්ෂණයකට මුහුණ දෙන බවත් ඒ මහතා විල්මින්ටන්හිදී පැවැසීය. සිකුරාදා දිනයේදී ජෝ බයිඩන් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කළ බවත් ඒ අවස්ථා ද්වයෙහි ම ඔහුට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ඔහුගේ ප්‍රකාශක ඇන්ඩෘ බේට්ස් මහතා පැවැසීය.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සහභාගී වන විවාදයක් පසුගිය අඟහරුවාදා පැවැත්විණි. ජෝ බයිඩන් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජනාධිපති ට්‍රම්ප් සමීපයට නොගිය බව, බයිඩන් මහතාගේ ප්‍රකාශකයා කීය.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කිහිපදෙනකුට ද  කොරෝනා වයිරසය හඳුනාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාය. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහාය.


(ඒ.එෆ්.පී./රොයිටර්)
055

 



අදහස් (0)

ජෝ බයිඩන් කොරෝනා පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site