IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප්

මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.

ඩී.ජේ. නමැති 13 හැවිරිදි එම දරුවාට ජීවත් වීමට ඇත්තේ තව මාස 5 ක් යැයි වෛද්‍යවරුන් පවසා ඇත. ඩී.ජේ. පිළිකා රෝගියකු බව හඳුනා ගැනීම සිදුවී ඇත්තේ 2018 දීය.

ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව, ආරාධිතයන් ලෙස කීප දෙනකු පැමිණ සිටි අතර, ඩී.ජේ. සහ ඔහුගේ පියා ඒ අතර වූහ.  

කොංග්‍රසය අමතමින් සිටියදී ජනාධිපති ට්‍රම්ප්, රැස්ව සිටි සියලු දෙනාට ඩී.ජේ. හඳුන්වා දෙමින් කියා සිටියේ, තමන් ‘ඩී.ජේ.’ සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශ නිලධාරියකු ලෙස නම් කරන බවය.

‘සීක්‍රට් සර්විස්’ යනු ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශයයි. මෙය ඩී.ජේ. ගේ මවිතයට හේතුවක් විය.

“ඩී.ජේ. මම දන්නවා ඔබ කැමැත්තෙන් ඉන්නේ පොලිස් නිලධාරියෙක් වෙන්න. ඒත් මම ඔබට ඊට වඩා බරපතල රාජකාරියක් පිරිනමන්න කැමතියි. මම ඔබ සීක්‍රට් සර්විස් නිලධාරියකු කරන්නම්. සීක්‍රට් සර්විස් නිලධාරියකුගේ රාජකාරිය පොලිස් නිලධාරියකුගේ රජකාරියට වඩා බැරෑරුම් යැයි ට්‍රම්ප් පැවැසුවේ කුඩා දරුවා ඇගයීමකට ද ලක් කරමිණි. සීක්‍රට් සර්විස් නිලධාරීන් භාවිතයට ගන්නා හැඳුනුම්පතක් ද ජේ.ඩී.ට හිමිවිය.

එම අවස්ථාවේ, ඩී.ජේ. වඩා ගෙන ඉහළට ඔසවා ගත් ඩී.ජේ. ගේ පියා ඔල්වරසන් නැගුවේය. වෛද්‍යවරුන්ට අනුව, ඩී.ජේ. ගේ මොළයේ පිළිකා රෝගී තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇති අතර, ඔහුට ජීවත්වීමට තව ඇත්තේ මාස පහක කාලයක් පමණි.
ඩී.ජේ. ජනාධිපති ආරක්ෂක අංශය හෙවත්, ‘සීක්‍රට් සර්විස්’ අංශයේ සාමාජිකයකු බවට පත් කිරීමට, ට්‍රම්ප් උපදෙස් දුන්නේ ‘සීක්‍රට් සර්විස්’ ප්‍රධානියා ලෙස කටයුතු කරන ෂෝන් කරන් ටය.

පසුගිය මැතිවරණ සමයේ, ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ  ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස පෙන්සිල්වේනියා ජන රැලියක් අමතද්දී, වෙඩි ප්‍රහාරකට ලක්වුණු අතර, ට්‍රම්ප් අනූ නවයෙන් දිවි බේරා ගත්තේය. 

එම අවස්ථාවේ, ට්‍රම්ප් බදා ගෙන, වෙඩික්කරුගෙන් ට්‍රම්ප් ආරක්ෂා කළ එක් සීක්‍රට් සර්විස් ආරක්ෂක නිලධාරියකු වූයේ ෂෝන් කරන් ය. 

ජනපති ධුරයට පත් වීමෙන් පසු සීක්‍රට් සර්විස් ප්‍රධානියා ලෙස ෂෝන් කරන්ගේ නම යෝජනා කළ අතර, ඊට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.



අදහස් (0)

ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site