IMG-LOGO

ජී 20 සමුළුව අදින් ඇරඹෙයි

ජී20 ජාතීන්ගේ සංවිධානයේ නායකයන් ජපානයේ ඔසාකාහිදී අද (28) හමුවීමට නියමිතය අතර ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු පැවැත්වෙන ඉතා වැදගත්ම හමුව මෙය වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. 

වසර 2008 දී ලීමන් සහෝදරවරුන්ගේ කඩා වැටීමත් සමඟ ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව ජී20 රටවල නායකයන් ඇමෙරිකාවේ වොෂින්ටන්හිදී මුණ ගැසිණි. එහිදී ඔවුහු අනාගතයේ දී එවැනි අර්බුදයක් ඇතිවීම වළක්වාගන්නේ කෙසේදැයි සාකච්ඡා කළහ. එමෙන්ම එවකට සිටි නායකයෝ ගෝලීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේ දැයි සාකච්ඡා කළහ.

ඉන් දශකයකට පසුව ලෝකය නැවතත් එවැනිම විශාලම අභියෝගයකට මුහුණ දී සිටින අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර තිබෙන වෙළෙඳ යුද්ධයයි. 

ලොව විශාලතම ආර්ථිකයන් දෙකට හිමිකම් කියන ඇමෙරිකාවත් චීනයත් අතර පවතින වෙළෙඳ යුද්ධය නිසා ලොව පුරා ව්‍යාපාර අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර ගෝලීය ආර්ථිකය අඳුරු සෙවණැල්ලකින් වැසී ගොස් තිබේ. 

ජී20 සමුළුව අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අතර හමුවක් හෙට (29) පැවැත්වීමට නියමිත අතර ඒ හමුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් වැඩි අවධානයකින් පසුවෙති. 

ඉන්දියාවේ වානේ සහ ඇලුමීනියම් සඳහා ඉහළ බදු පැනවීමට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පසුගිය 15 වැනිදා ඇමෙරිකානු නිෂ්පාදන 28ක් මත ඉහළ තීරු බදු පැනවීය. මේ ආකාරයෙන් ඇමෙරිකාව චීනය සමඟ පමණක් නොව ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථිකවලට හිමිකම් කියන රටවල් රැසක් සමඟ වෙළෙඳාම සම්බන්ධයෙන් මතභේද ඇති කරගෙන තිබේ. 

අවසන් වරට ජී20 නායකයන්ගේ හමුවක් පැවැත්වුණේ මීට මාස හතකට පෙර බුවනෝස් අයර්ස්හිදීය. එහිදී දින 90ක විරාමයක් ප්‍රකාශයට පත් කරමින් දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකා සහ චීන ජනාධිපතිවරු එකඟවූහ. 

ජපානයේ ඔසාකා නුවරදීද නායකයන් දෙදෙනා එවැනි ආකාරයක සටන් විරාමයකට එළැඹෙනු ඇතැයි පැවසේ.

 (ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි)

 055



අදහස් (0)

ජී 20 සමුළුව අදින් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1272 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 584 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site