බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 20 හැවිරිදි කරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බ්‍රිතාන්‍ය කිරුළ හිමිවීමෙන් පසු චාල්ස් කුමරුන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
ප්‍රහාරය එල්ල වෙද්දී, 74 හැවිරිදි චාලස් රජු උතුරු දිග ලන්ඩනයේ ලුටොන් නගරයේ ප්‍රජා නායකයන් සහ නගර වැසියන් හමුවෙමින් සිටියේය. එල්ල කළ බිත්තරය, රජුගේ සිරුරේ නොවැදුණු බව ද බෙඩ්ෆෝඩ්ෂයර් පොලිසිය පවසයි.
චාල්ස් රජු ලුටොන් නගරයේ ප්‍රජා නායකයන් සහ නගර වැසියන් හමුවූයේ ශීක් දොවොලක් විවෘත කිරීමෙන් ද පසුවය. ලුටොන් නගරයේ ශීක් ප්‍රජාව බහුලය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
High time they do the same thing in Sri Lanka for Ranil Rajapaksa Junta and all the corrupted politicians.
බිත්තරයක් දැකපු කාලයක් මතක නැති නිසා මටත් එංගලන්තයට යන්න හිතෙනවා.
රනිල් රාජපක්ෂට එහෙම ගහනවා නම් කුණු බිත්තරයක්ම ඕනෑ...