දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ලන්ඩනට පැමිණි ලෝක නායකයන් පිළිගැනීමට තෙවැනි චාල්ස් රජු කටයුතු කළේය.
රාජ්‍ය නායකයන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් බකිංහැම් මාලිගයේ සංවිධානය කර තිබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේ, ලෝක නායයන් වෙනුවෙන් බකිංහැම් මාලිගයේ මෙලෙස විශේෂ උත්සවයක් සංවිධානය කෙරුණේ දශක ගණනකට පසුව බවය.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්, ඔස්ටේ්‍රලියා අගමැති ඇන්තනි ඇල්බනීස් සහ තෙවැනි දාල්ස් රජු අතරේ විශේෂ හමුවක් පැවැත්විණි. මහ රැජිනගේ අභාවයෙන් පසු කැනඩාවේ, නවසීලන්තයේ සහ ඕස්ටේ්‍රලියාවේ රාජ්‍ය නායකයා බවට පත් වූයේ තෙවැනි චාල්ස් රජුය.
රැජිනගේ අවමංගල්‍යය සඳහා එංගලන්තයට පැමිණෙන රාජ්‍ය නායකයන්, අවමංගල උත්සවය සඳහා ලන්ඩන් නුවරට රැගෙන යෑම සිදුවන්නේ විශේෂ බස් රථ සේවාවකින් යැයි බි්‍රතාන්‍ය රජය කල්තියා දැනුම් දී තිබුණි.
කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් වෙනුවෙන් බි්‍රතාන්‍ය රජය විශේෂ සැලකිල්ලක් දැක්වීමට කටයුතු කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ ආර්යාවට ඔවුන්ගේ නිල රථය වන ‘ද බීස්ට්’ මෝටර් රථය භාවිත කිරීමට අවසර හිමි වී ඇත.
ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් සහ ආර්යා ජිල් බයිඩන්ට එසේ විශේෂ සැලකිල්ලක් දැක්වූවත්, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසාකෝ අධිරාජනිය ට එවැනි සැලකිල්ලට හිමි වී නැත.
ජපානයේ සිට අති සුඛොපභෝගී ගුවන් යානයක පළමු පංතියේ අසුන් ගෙන එංගලන්තයට ආ ජපාන රාජකීය යුවළ ට ද අවමංගල උත්සවයට යෑමට සිදුවනු ඇත්තේ විශේෂ බස් රියෙනි.
දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීමේ අරමුණින් බි්‍රතාන්‍ය රජයේ ඇරැයුම පිළිගනිමින්, ලන්ඩනයට ආ රාජ්‍ය නායකයන් අතරේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ද වෙති.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
චාල්ස් රජු ලෝක නායකයන් හමුවෙයි