
ඉතාලියේ සිවුදින නිල සංචාරයක යෙදෙන තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින, වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය පෞද්ගලික හමුවක් බවය.
චාල්ස් රජු සහ කැමිලා රැජින, ඉතාලියේ නිල සංචාරයකට පැමිණ සිටින්නේ ඔවුන්ගේ 20 වැනි විවාහ සැමරුම වෙනුවෙනි. පසුගිය කාලයේ පාප්තුමන් රෝහල්ගතව සිටියේය. ඒ, පෙනහළු ආසාදන තත්වයක් හේතුවෙනි. පාප්තුමන් රෝහලෙන් පිටව යෑමෙන් පසු, ඔහු හමුවීමට ආ පළමු අමුත්තන් දෙදෙනා වන්නේ චාල්ස් රජු සහ කැමිලා රැජිනය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd