
පිළිකා රෝගියකු බව හඳුනාගෙන, ප්‍රතිකාරවලට යොමු වී සිටින බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී විය. චාල්ස් රජු දේව මෙහෙයට සහභාගී වූයේ කැමිලා රැජින ද සමඟය.
පාස්කු දේව මෙහෙය, පැවැත්වූයේ වින්ඩර් මාලිගය පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේය. තමන් පිළිකා රෝගියකු බව පවසා, ප්‍රතිකාරවලට යොමු වී, රාජකීය කටයුතුවලින් ද ඈත් වී සිටින තෙවැනි චාල්ස් රජු දේව මෙහෙයට සහභාගී වීම රජ පවුලට ආදරය කරන බ්‍රිතාන්‍ය වැසියන්ගේ සතුටට හේතුවක් විය.
තෙවැනි චාල්ස් රජු දේව මෙහෙයට සහභාගී වුවත්, චාල්ස් රජුගේ වැඩිමල් පුතු සහ ඔටුන්න හිමි විලියම් කුමරු දේව මෙහෙයට සහභාගී වූයේ නැත. උදරයේ සැත්කමකට භාජන වූ කේට් කුමරිය ද පිළිකා රෝගියකු බව පසුගිය දා අනාවරණය විය. තමන් ප්‍රතිකාරවලට යොමු වී සිටින බැවින්, තම පෞද්ලිකත්වයට ගරු කරන්නැයි 42 හැවිරිදි කේට් කුමරිය සියලු දෙනාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd