
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන්ගේ පුණ්‍යාධාර අරමුදලට, අල් කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්ගේ ඥාති සහෝදරයන් දෙදෙනකුගෙන් බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් මිලියනයක මුදල් ආධාර ලැබී ඇති බව බ්‍රිතාන්‍යයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත අනාවරණය කර තිබේ.
බින් ලාඩන්ගේ ඥාති සොයුරන්ගෙන් චාල්ස් කුමරුන්ගේ අරමුදලට මෙසේ මුදල් ලැබී ඇත්තේ බින් ලාඩන් මිය ගොස් වසර දෙකකට පසු 2013 වසරේ දී යැයි ද පැවැසෙයි.
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමීම සිදුවූයේ 2011 වසරේදීය. ඒ වනවිට ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් විය. බින් ලාඩන් මරා දැම්මේ ඇමෙරිකන් බුද්ධි අංශ සහ ඇමෙරිකන් නේවි සීල් භටයන්ය.
මෙම මුදල ලබා ගැනීමේදී චාල්ස් කුමරුගේ පුණ්‍යාධාර අරමුදල නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බවත් අරමුදලට මුදල් භාරගැනීමේ වගකීම පැවරී ඇත්තේ අරමුදලේ භාරකරුවන්ට බවත් චාල්ස් කුමරුන් වෙනුවෙන් ඔහුගේ නිවහන වන ක්ලැරන්ස් හවුස් මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදිලාවත් ලංකාවට එහෙම ලැබිලා තිබුණොත් ඥාණසාර හාමුදුරුවෝ රටම පතුරු ගහයි.