වාමාංෂික දේශපාලන නායක 35 හැවිරිදි ගැබ්‍රියේ බොරික්, චිලී ජනාධිපති ධුරය ට පත් විය. ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යෙය් ළාබාලතම ජනාධිපති වනු ඇත්තේ ද ගැබ්‍රියේ බොරික් ය.
පසුගිය වසර කීපයේ රජයේ දූෂණ වංචා හෙළි කරමින්, ජනතාව දැනුවත් කළ ශිෂ්‍ය සංගම් නායකයකු ලෙස ද ගැබ්‍රියේ බොරික් ප්‍රකටය.
අද (20) ඡන්ද ප්‍රතිඵල සියයට 99 ක් නිකුත් වෙද්දී, ගැබ්‍රියේ බොරික්, සියයට 56 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගෙන සිටියේය.
බොරික් ට අභියෝගයක් වූ දක්ෂිණාංශික අපේක්ෂක හොසේ ඇන්තෝනියෝ කාස්ට් හිමි කර ගත්තේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
චිලී ජනාධිපතිවරණය පැවැත්වූයේ සෙබස්තියන් පිනේරා ධුරයෙන් සමු ගැනීමත් සමගය. පිනේරා නියෝජනය කරමින් ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇන්තෝනියෝ කාස්ට් ය.
පිනේරා බිලියනපති ව්‍යාපාරිකයෙකි. බොරික් ජයගත් සැණින්, පිනේරා වීඩියෝ පණිවුඩක් හරහා ඔහුට සුබ පැතුවේය. ආණ්ඩුමාරු වීම සාමකාමීව සිදු කිරීමට තමන්ගේ පූර්ණ සාහාය ලබා දෙනවා යැයි ද පිනේරා අවධාරණය කළේය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
චිලියට අලුත් ජනාධිපතිවරයෙක්
සුජීව Monday, 20 December 2021 05:38 PM
මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. චාවේස් ලූලා වගේ අයගෙන් පස්සේ දකුණු ඇමෙරිකාව ආයෙත් වමට කැරකෙන්න පටන් අරන්...