IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


චිලී රකුසෙක් නැගිටියි

චිලී රටේ දකුණු දිග පිහිටි කැල්බ්‍යුකෝ ගිනිකන්ද බදාදා එරට වේලාවෙන් සවස 6.00 ට පමණ හිටි හැටියේ ම සක්‍රීය වීම හේතුවෙන් 1500ට වැඩි පිරිසක් ඒ අවට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චිලී අගනුවර සිට කිලෝ මීටර 620ක් ඈතින් පිහිටි පුරෙටොවරාස් නගරය ආසන්නයේ කැල්බ්‍යුකෝ ගිනිකන්ද පිහිටා ඇත. චිලී රාජ්‍යයේ ඇති ගිනි කඳු 90 ක් අතරින් තුන්වැනි භයානකම ගිනි කන්දයි. එය පුපුරා යන බව කිසිදු ආකාරයකින් පෙර දැනුම් දීමක් කැර නැතැයි ද ඒ හේතුවෙන් විශාල පිරිසකගේ ජීවිත අවධානමට ලක්වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ගිනිකන්ද සක්‍රීය වී ඇත්තේ වසර 40ට පසුවය.

ගින්දර, අළු හා ලාවා විහිදුවමින් හත්තක ආකාරයක දුම් වළාවක් පැතිර ඇති අතර එය සැතපුම් 100ක් ඈතින් පිහිටි ආජන්ටිනාවට ද දර්ශනය වන බව පැවසේ.

ගිනිකන්ද අවට සැතපුම් 12ක ප්‍රදේශයක පදිංචි සියළු දෙනාට ඉවත්වන ලෙස චිලී භූ විද්‍යා හා පතල් දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

27E15C4400000578-3051500-image-a-26_1429749171787 27E15F1800000578-3051500-image-a-1_1429748913968 27E1819600000578-3051500-image-a-4_1429748923517



අදහස් (0)

චිලී රකුසෙක් නැගිටියි

කනිෂ්ක Thursday, 23 April 2015 05:35 AM

සිද්දිය බයානක උනත් මේ ඡායාරුප නම් ඉතාමත් මනස්කාන්තයි. (ස)

:       0       0

චන්න බුවනක Friday, 24 April 2015 10:19 AM

හැම දේම ගැන අඩු තක්සේරුවකින් බලන්න එපා. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 08:07 AM

ලංකාවෙත් දින 100 පසු දේශපාලන ගිනි කන්දක් සක්‍රියවෙලා (ම)

:       0       0

දිසා Saturday, 25 April 2015 01:39 AM

ලංකාවෙත් මහජන ගිනි කඳු පුපුරන එක ජනවාරි මාසේ 9 න් පසු නැවතුනා. නැත්නම් බලාගන්න තිබුනා කොහොමද ඒ පිපිරීම කියලා කාට කාටත් ..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site