චිලී රටේ දකුණු දිග පිහිටි කැල්බ්‍යුකෝ ගිනිකන්ද බදාදා එරට වේලාවෙන් සවස 6.00 ට පමණ හිටි හැටියේ ම සක්‍රීය වීම හේතුවෙන් 1500ට වැඩි පිරිසක් ඒ අවට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චිලී අගනුවර සිට කිලෝ මීටර 620ක් ඈතින් පිහිටි පුරෙටොවරාස් නගරය ආසන්නයේ කැල්බ්‍යුකෝ ගිනිකන්ද පිහිටා ඇත. චිලී රාජ්‍යයේ ඇති ගිනි කඳු 90 ක් අතරින් තුන්වැනි භයානකම ගිනි කන්දයි. එය පුපුරා යන බව කිසිදු ආකාරයකින් පෙර දැනුම් දීමක් කැර නැතැයි ද ඒ හේතුවෙන් විශාල පිරිසකගේ ජීවිත අවධානමට ලක්වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ගිනිකන්ද සක්‍රීය වී ඇත්තේ වසර 40ට පසුවය.

ගින්දර, අළු හා ලාවා විහිදුවමින් හත්තක ආකාරයක දුම් වළාවක් පැතිර ඇති අතර එය සැතපුම් 100ක් ඈතින් පිහිටි ආජන්ටිනාවට ද දර්ශනය වන බව පැවසේ.

ගිනිකන්ද අවට සැතපුම් 12ක ප්‍රදේශයක පදිංචි සියළු දෙනාට ඉවත්වන ලෙස චිලී භූ විද්‍යා හා පතල් දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

27E15C4400000578-3051500-image-a-26_1429749171787 27E15F1800000578-3051500-image-a-1_1429748913968 27E1819600000578-3051500-image-a-4_1429748923517