චිලි රාජ්‍යයයේ අගනුවර වූ සැන්ටියාගෝ සිට කිලෝ මීටර 232 ක් ඈත මුහුදේ සිදුවූ රිච්ටර් මාපක 8.3ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවී තිබෙන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. එරට කොකියුම්බෝ වෙරළට අඩි 15ක් පමණ උසැති සුනාමි රළ පැමිණි බව ද එම වාර්තාවේ දැක්වේ.
බදාදා රාත්‍රී 7.54 ට පමණ සිදුවූ භූමිකම්පාවේ අපි කේන්ද්‍ර පිහිටා ඇත්තේ ඉල්ලාපෙල් නමැති මුහුද ආසන්න නගරයේ සිට කිලෝ මීටර 55ක් පමණ බටහිර දෙසිනි. අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටි බව ද ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
භූමිකම්පාව සිදුවූ මොහොතේ ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය කියා සිටියේ එහි විශාලත්වය රිච්ටර් මාපක 7.9ක අගයක් ගන්නා බවයි. එහෙත් පසුව එය රිච්ටර් මාපක 8.3ක් ලෙස සංශෝධනය කැරිණි. මේ කම්පනයෙන් පසු තවත් කම්පන කිහිපයක් ඒ අවට ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. සුනාමි රළට හසුවී කිසිදු මරණයක් වාර්තා වී නැතත් වෙරළ තීරයේ අනතුරු හැගවීමේ නිවේදන නිකුත් කිරීමෙන් පසු තාප්පයකින් වැටීමෙන් එක් පුද්ගලයකු මරුමුවට පත්ව ඇති බව ද චිලී මාධ්‍ය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
පේරු, හවායි හා නවසීලන්තය දක්වා ඇති සියළුම මුහුදු බඩ රාජ්‍යයන්ට සුනාමි අනතුරු ඇගවිම සිදුකැර ඇති බව ද මාධ්‍ය වාර්තා පවසයි.
චිලී ආසන්නයේ ලොව වඩාත්ම සක්‍රිය භූමිකම්පා ප්‍රදේශයක් පිහිටා ඇත. එය නැස්කා හා දකුණු ඇමෙරිකානු භූ තැටි මායිම්වල පිහිටා ඇති අතර වසරකට මිලි මීටර 80 ක පමණ ප්‍රමාණයකින් මේ භූ තැටි චලනය වන බව ද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd