IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චර්නොබිල් වහන්න යකඩ 'තොප්පියක්'

ලොව මෙතෙක් වාර්තා වී ඇති විනාශකාරීම න්‍යෂ්ඨික බලාගාර පිපිරීම සිදුවූ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ න්‍යෂ්ඨික ප‍්‍රතික‍්‍රියාකාරකය වටා කොන්කී‍්‍රට් හා ලෝහයෙන් සැදි ආවරණයක් ස්ථාපිත කිරීමේ කටයුතු යුක්රේන රජය ආරම්භ කර ඇත.

1989 දී සිදුවූ චර්නොබිල් පිපිරුම හමුවේ ඒ අවට වාසය කළ වැසියන් සියලූදෙනා ඉවත් කිරීම සිදුවූ අතර, කිලෝමිීටර ගණනාවක වපසරියකින් යුත් ප‍්‍රදේශයක් වාසයට නුසුදුසු යැයි නම් කෙරුනේ පිපිරුමෙන් අහසට එක්වූ විකිරණශීලී ද්‍රව්‍යයන් නැවත පොළව මතට පතිතව ජීවත් වීමට හානිකර තත්ත්වයක් ඇති වීමේ අවදානම නිසාවෙන්ය.

එදවස චර්නොබිල් අවදානම මුළු යුරෝපයටම බලපැවැත්වුනක් විය.

පිපිරීමෙන් චර්නොබිල් න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ වහල සම්පූර්ණයෙන්ම පාහේ ගැලවී ගියේය.පිපිරුමෙන් පසු වුවද දිගින් දිගටම පරිසරයට විකිරණශීලී ද්‍රව්‍යය එකතු වූයේ මේ නිසාවෙනි.

මෙයට පිළියමක් ලෙස න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකය වැසෙන සේ යෙදීමට යන මෙම ආවරණය අඩි 900 ක පළලකින්ද, අඩි 108 ක උසකින්ද යුතුය.මෙතෙක් ලොව නිර්මානය කර ඇති ගොඩබිම ඔස්සේ එහා මෙහා ගෙන යා හැකි විශාලම ව්‍යුහය ලෙස සැළකෙන මෙය නියමිත පරිදි ස්ථානගත කිරීමට පමණක් දින පහක් පමණ වැය වන බව සදහන් වේ.

ආවරණය යෙදුූ පසු න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ ඉතිරිව ඇති විකිරණශීලී ද්‍රව්‍යයන් ආරක්ෂාකාරීව ඉවත් කිරීම යුක්රේන රජයේ අපේක්ෂාවයි.

චර්නොබිල් ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබදව නිශ්චිත සදහනක් නැතත් 2005 දී එළි දැක්වුනු එක්සත් ජාතීන් - චර්නොබිල් සංසදයේ ඒකාබද්ධ වාර්තාවකට අනුව මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 50 කි.ඔවුන් අතරින් බහුතරය බලාගාරයේ සේවකයෝය.

CHERNOAR 1114 01 CHERNOAR 1114 02



අදහස් (0)

චර්නොබිල් වහන්න යකඩ 'තොප්පියක්'

වෙදගේ Tuesday, 15 November 2016 06:54 AM

හරිම ලස්සන වහළයක්නේ මේක (නි)

:       0       0

සංජීව Tuesday, 15 November 2016 12:20 PM

ඉතිහාසයේ වෙච්චි ලොකුම අනතුර දැනට මේ ජීවත් වන ජනය මේ ගැන තවවමත් දුක් වෙනවා නවීන තාක්ෂණයේ හිදැස් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2325 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site