නැගෙනහිර දෙසින් චීනයට ඇතුලුවීමට ඉඩ ඇති කුණාටු තත්ත්වයක් හේතුවෙන් අට ලක්ෂයකට වැඩි පිරිසක් නැගෙනහිර වෙරළබඩ කලාපයෙන් ඉවත්කැර ඇතැයි චින රාජ්‍ය මාධ්‍ය ෂිංහුවා වාර්තා කරයි.
පැයට කිලෝ මීටර් 180 ට වැඩි වේගයෙන් හමන චැන්හොම් කුණාටුව හේතුවෙන් ගුවන් ගමන්වාර 400 ක් පමණ අවලංගු කර ඇති බවත් වාර්තාවේ.මේ කුණාටු තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ පිලිපීනයේ පුද්ගලයන් පස් දෙනකු මියගොස් තිබිණි.
කුණාටුවෙන් තායිවානයට හා ජපානයට බලපෑම් සිදුවූ අතර ඒ රටවල ද ගස් කඩා වැටීමෙන් විශාල පිරිසක් තුවාල ලැබූහ. චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අනතුරු අඟවා ඇත්තේ චැන්හොම් කුනාටුව 1949 න් පසු චිනයට එල්ල වන දරුණුම කුණාටුව වියහැකි බවයි.
ෂැන්හයි දෙසට හමා යෑමට ප්‍රථමයෙන් කුණාටුව නිග්බෝ වරාය නගරයට ආසන්නයේ ඇති ෂිජැන් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි කාලගුණ අනාවැකි පලවී තිබේ. මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ෂැන්හැයි නගරටය දැනටමත් මෙම කුනාටුවේ බලපෑම දැනෙන බවයි. එම පෙදෙස්වල දැඩි සුළං හා ධාරානිපාත වර්ෂාව මෙම ප්‍රදේශයට පතිත වන බව වාර්තාවේ.
චීනයේ ධීවර බලධාරින් විසින් ධීවර කටයුතු සඳහා ගොස් සිටි ධීවර බෝට්ටු 29000 ක් නැවත ගොඩබිමට ගෙන්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd