IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘චැන්හොම්‘ ට බියෙන් අට ලක්ෂයක් ඉවතට

නැගෙනහිර දෙසින් චීනයට ඇතුලුවීමට ඉඩ ඇති කුණාටු තත්ත්වයක් හේතුවෙන් අට ලක්ෂයකට වැඩි පිරිසක් නැගෙනහිර වෙරළබඩ කලාපයෙන් ඉවත්කැර ඇතැයි චින රාජ්‍ය මාධ්‍ය ෂිංහුවා වාර්තා කරයි.

පැයට කිලෝ මීටර් 180 ට වැඩි වේගයෙන් හමන චැන්හොම් කුණාටුව හේතුවෙන් ගුවන් ගමන්වාර 400 ක් පමණ අවලංගු කර ඇති බවත් වාර්තාවේ.මේ කුණාටු තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ පිලිපීනයේ පුද්ගලයන් පස් දෙනකු මියගොස් තිබිණි.

කුණාටුවෙන් තායිවානයට හා ජපානයට බලපෑම් සිදුවූ අතර ඒ රටවල ද ගස් කඩා වැටීමෙන් විශාල පිරිසක් තුවාල ලැබූහ. චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අනතුරු අඟවා ඇත්තේ චැන්හොම් කුනාටුව 1949 න් පසු චිනයට එල්ල වන දරුණුම කුණාටුව වියහැකි බවයි.

ෂැන්හයි දෙසට හමා යෑමට ප්‍රථමයෙන් කුණාටුව නිග්බෝ වරාය නගරයට ආසන්නයේ ඇති ෂිජැන් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි කාලගුණ අනාවැකි පලවී තිබේ. මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ෂැන්හැයි නගරටය දැනටමත් මෙම කුනාටුවේ බලපෑම දැනෙන බවයි. එම පෙදෙස්වල දැඩි සුළං හා ධාරානිපාත වර්ෂාව මෙම ප්‍රදේශයට පතිත වන බව වාර්තාවේ.

චීනයේ ධීවර බලධාරින් විසින් ධීවර කටයුතු සඳහා ගොස් සිටි ධීවර බෝට්ටු 29000 ක් නැවත ගොඩබිමට ගෙන්වා තිබේ.



අදහස් (0)

‘චැන්හොම්‘ ට බියෙන් අට ලක්ෂයක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 488 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site