
තායිවානයේ ප්‍රධාන විපක්ෂ නායිකාවගේ චීන සංචාරයෙන් අනතුරුව, තායිවානය සඳහා නව සහනදායී ක්‍රියාමාර්ග 10 ක් ප්‍රකාශයට පත් කිරීමට චීන රජය තීරණය කර ඇත.
සංචාරක සීමාවන් ලිහිල් කිරීම, ගුණාත්මක රූපවාහිනී නාට්‍ය සඳහා අවසර ලබා දීම සහ ආහාර අලෙවිය පහසු කිරීම නව සහනදායී ක්‍රියාමාර්ග අතරට ඇතුළත් වෙයි.
තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන කුවෝමින්ටැං පක්ෂයේ නායිකාව වන චෙන්ග් ලී-වුං, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාමය සහ සංහිඳියාවේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත. චෙන්ග් ලී-වුං, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීම ඓතිහාසික අවස්ථාවක් බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd