(රොයිටර් ඇසුරෙනි)
චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් පවතින අවස්ථාවක හා දකුණු චීන මුහුදේ බලය තහවුරු කරගැනීමට චීනය උත්සහ ගන්නා අවස්ථාවක මෙම නෞකාව දියත් කර තිබේ.
ඩේලියන්හී ඊසාන වරායේ දී නිෂ්පාදනය කර ඇති එම නෞකාව 2020 වන තුරු සේවයට එක් නොවනු ඇතැයි එරට හමුදා ප්‍රකාශකයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේය.
මෙම පියවර චීනයේ දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකා නිර්මාණ හා ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ විශාල පියවරක් ලෙස චීන මාධ්‍ය වාර්තා කරයි. චීනයේ බලවත්ම මධ්‍යම හමුදා කොමිසමේ උපසභාපති ෆෑන් චන්ග්ලොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නෞකාව දියත් කිරීමේ උළෙල පැවැත්විණි.
මෙම නෞකාව සම්බන්ධ වැඩසටහන රාජ්‍ය රහසක් ලෙස චීනය සලකන බවද වාර්තා වෙයි.
නමුත් මෙම නෞකාව නිෂ්පාදනය කිරීම සඳහා චීනය සතුව තිබූ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් අත්දැකීම් ලබා ගත් බව එරට රජය පවසයි.‘ලියෝනින්‘ නැමැති එම නෞකාව 1998දී යුක්රේනයෙන් මිලදී ගෙන චීනයේදී අලුත්වැඩියා කරන ලද එකකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේව. ඇමෙරිකාවේ ලොකු ඔලුවට මෙය හොඳ ටොක්කක්
කවුරු හැදුවත් යුද නැවු හදන එකට සුභ පැහීම කනගාටුවට කරුණක්.
මෙය යුද නව්කාවක් නොව Aircraft carrier නව්කාවක්. 2020 දී මෙය චීනය දෙවෙනි නෞකාව වේ. දැනටමත් ඇමරිකාව Aircraft carrier 21 ක් ඇත. තව 18 ක් නිෂ්පාදනයත නියමිතය.
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරවන්න බලාපොරොත්තු වෙන මේ නැවේ තිබෙන යන්ත්‍ර සුත්රත් අර චීන හදපු නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර සුත්‍ර වගේ හිටිගමන් ක්‍රියා විරහිත වුනොත්, වෙන්නේ හරි ජංජාලයක්
සාදරයෙන් පිලිගන්නවා හම්බන්තොටට