රුසියා-යුක්රේන ගැටුම හේතුවෙන් චීනයට සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියාව සුදානම් වෙයි.
රුසියා-යුක්රේන ගැටුමේදී චීනය රුසියාවට සහයෝගය ලබා දුනහොත් ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇතැයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේය.
රුසියාවට සහාය දීම ද්වේශ සහගත,විනාශ කාරී ක්‍රියාවක් වනවා සේම එසේ සහයෝගය දුනහොත් ඔස්ට්‍රේලියාවේ සහ මිත්‍ර රාජ්‍යයන් හි ජාත්‍යන්තර සම්බාධක වලට චීනයට මුහුණ දීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය මොරිසන් ඉඟියක් පළ කළේය.
අග්‍රාමාත්‍ය මොරිසන් පැවසුවේ චීනය රුසියාව සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවය.
මෙම අවස්ථාවේ චීනය විසින් රුසියාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මාර්ගයක් ලබා දීම නොකළ යුතු දෙයක් සේම රුසියාව යුද සහාය ලබා දීමට සාකච්ඡා කිරීම ද්වේශ සහගත ක්‍රියාවක් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd