IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීනයට සමඟ සටනට ජපන් හමුදා පුහුණු කෙරේ

චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය.

ජපානයට අයත් එහෙත් තරමක් ඈතින් පිහිටි දූපත්වලට චීන සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස පවත්වා තිබිණි.

හදිසි අවස්ථාවකදී එම දූපත්වලින් ආරක්ෂිතව පිටවීමත් පුහුණු කිරීම සඳහාත් එම දූපත් ආරක්ෂා කරගැනීමටත් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කර තිබිණි. ‍

ෂිසුවෝකා දිස්ත්‍රික්කයේ නැගෙනහිර ෆූජි පුහුණ ප්‍රදේශයේ දී මෙම යුද අභ්‍යාසය පැවැත්විණි. මෙය වාර්ෂිකව පැවැත්වෙන්නකි.

නැගෙනහිර චීන මුහුදේ පිහිටි සෙන්කාකු දූපතට චීනය හිමිකම් කියයි. කෙසේ නමුත් මෙම දූපතේ පරිපාලනය මෙහෙය වන්නේ ජපනායයි. පසුගිය කාලයේ දී චීනය මෙම දූපත ආශ්‍රිතව සිය නාවික බලපෑම් වැඩි කර තිබේ. ඒ හේතුවෙන් ජපානය මේ වනවිට දූපත් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව ජැපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ජපානය මේ වනවිට තමන්ට අයත් නැන්සෙයි දූපත් ආරක්ෂා කරගැනීමට ද පියවර ගෙන ඇත. නැන්සෙයි යනු ජපානයට අයත් දූපත් දාමයකි. නිරිත දිගින් තායිවානය දෙසට දිවෙන මෙම දූපත් ඔකිනාවා සහ සෙන්කාකු දූපත් ද ආවරණය කෙරෙයි. සෙන්කාකු දූපත් ජනශූන්‍ය වන අතර චීනය එම දූපත දියාවූ යනුවෙන් හඳුන්වයි.

ඉකුත් දා පැවැති මෙම යුද අභ්‍යාසයට යුද භටයන් 3,100 ට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර යුද ටැංකි සහ සන්නද්ධ රථ 45ක්, කාලතුවක්කු 54ක් භාවිත කර තිබිණි. මෙම යුද අභ්‍යාසය පැය දෙකක් මුළුල්ලේ පැවැත්වුණු බව ද ජැපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. කාලතුවක්කු සඳහා යෙන් මිලියන 780ක් වටිනා ජීව උණ්ඩ ටොන් 43ක් පමණ භාවිත කර ඇත.

එමෙන්ම මෙම යුද අභ්‍යාසයට ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ද යොදාගෙන තිබේ.

මේ අතර මෙම යුද අභ්‍යාසය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබිණි.

ඒ.එන්.අයි.



අදහස් (0)

චීනයට සමඟ සටනට ජපන් හමුදා පුහුණු කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site