දකුණු චීන මුහුදේ ඉන්දියාව සමග එක්ව ඒකාබද්ධ නාවික සංචාර සිදු කිරිමට ඇමෙරිකාව සාකච්ඡා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාව සමග ආසියා  රටවල් දකුණු චීන මුහුදේදී චීනයට එරෙහිව එකමුතුව ස්ථාවරයක සිටිය යුතු බව ඇමෙරිකාවේ මතය යැයි ද එම වාර්තා කියයි.

චීනය හා අග්නිදිග ආසියාවේ රටවල් දකුණු චීන මුහුදේ දිවයින් වල අයිතිය සම්බන්ධ උණුසුම් තත්වය මෙමගින් යම් මට්ටමකින් හෝ අඩු වේයැයි එම ඇමෙරිකා නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

චීනය ගුවන් පථයක් සහිතව කෘත්‍රිම දිවයිනක් නිර්මාණය කිරිමත් සමග මෙම තත්වය තවත් උණුසුම් වූ එම වාර්තා කියයි.

කෙසේ වෙතත් ඇමෙරිකාව සහ ඉන්දියාව ඒකාබද්ධ නාවික මෙහෙයුම් මගින් චීනය තවත් කෝප විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.

ඉන්දියා රජය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.