දකුණු චීන මුහුදේ ඉන්දියාව සමග එක්ව ඒකාබද්ධ නාවික සංචාර සිදු කිරිමට ඇමෙරිකාව සාකච්ඡා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව සමග ආසියා රටවල් දකුණු චීන මුහුදේදී චීනයට එරෙහිව එකමුතුව ස්ථාවරයක සිටිය යුතු බව ඇමෙරිකාවේ මතය යැයි ද එම වාර්තා කියයි.
චීනය හා අග්නිදිග ආසියාවේ රටවල් දකුණු චීන මුහුදේ දිවයින් වල අයිතිය සම්බන්ධ උණුසුම් තත්වය මෙමගින් යම් මට්ටමකින් හෝ අඩු වේයැයි එම ඇමෙරිකා නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
චීනය ගුවන් පථයක් සහිතව කෘත්‍රිම දිවයිනක් නිර්මාණය කිරිමත් සමග මෙම තත්වය තවත් උණුසුම් වූ එම වාර්තා කියයි.
කෙසේ වෙතත් ඇමෙරිකාව සහ ඉන්දියාව ඒකාබද්ධ නාවික මෙහෙයුම් මගින් චීනය තවත් කෝප විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.
ඉන්දියා රජය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
2025 නොවැම්බර් මස 04
549
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1694
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයට එරෙහිව ඇමෙරිකාව ඉන්දියාව එක්වෙයි?
කනිෂ්ක Friday, 12 February 2016 06:50 AM
අපේ ලංකාවේ මිනිස්සු කැමති ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාවටද ඒකාධිපති චීනයටද? (ම)
නාමල් Thursday, 11 February 2016 07:29 PM
ඒකාධිපති චීනය ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ලෝකයටම කරදරයක්... ඇමරිකාව, යුරෝපය හා ඉන්දියාව ඒකාධිපති චීනයෙන් ලෝකය ආරක්ශා කරගත යුතුයි...(කෞ)
නුවන් Thursday, 11 February 2016 07:30 PM
ඇමරිකාව, ඉන්දියාව දෙකම ප්‍රජාතන්ත්‍රවාදී රටවල්... චීනය ඒකාධිපති රටක්... ලෝකයට ඒකාධිපති රටවල් වඩා හිතකර නෑ(කෞ)
බස්නායක Saturday, 13 February 2016 09:59 AM
චීනය හැමදාමත් ලංකාව එක්ක සුහදව සිටි රටක්. ඇමරිකාවට වඩා ආර්ථීක මටිටමින් යුධමය මටිටමින් චිනය ඉදිරියට එනවාට ඇමරිකාව කැමති නැහැ. ඒනිසා ආසියානු රටවල් එකතු කරගෙන චිනය කොටුකරන්න ඇමරිකාව උත්සාහ කරනවා. ඇමරිකාව ආසියානු රටවල් වලට සුහදත්වය ප්‍රකාශ කරන්නෙ ආසියානු රටවල් වලට තිබෙන ආදරේට නෙමෙයි. ආසියානු හැම රටක්ම චිනය වටා අත්වැල් බැඳගන්න ඕනෑ. ඒකයි වෙන්න ඕනෑ එකම දේ. චිනය ඒකාධිපති පාලනයක් තිබුණු නිසා තමයි අදත් ඔය විදියට වැජඹෙන්නෙ. (නි)
සුමිත්‍රා බස්නායක Friday, 19 February 2016 09:01 AM
චීනය හැමදාමත් ලංකාව එක්ක සුහදව සිටි රටක්. ඇමරිකාවට වඩා ආර්ථීක මටිටමින් යුධමය මටිටමින් චිනය ඉදිරියට එනවාට ඇමරිකාව කැමති නැහැ. ඒනිසා ආසියානු රටවල් එකතු කරගෙන චිනය කොටුකරන්න ඇමරිකාව උත්සාහ කරනවා. ඇමරිකාව ආසියානු රටවල් වලට සුහදත්වය ප්‍රකාශ කරන්නෙ ආසියානු රටවල් වලට තිබෙන ආදරේට නෙමෙයි. (ර)