සතුරන්ගෙන් ආරක්ෂාවීමට අතීත චීන අධිරාජ්‍යයෝ චීන මහා ප‍්‍රාකාරය තැනුවා සේ මෙදා ගෝබි කාන්තාරය නම් පාරිසරික සතුරාගෙන් ආරක්ෂාවීමට මහා ‘හරිත ප‍්‍රාකාරයක්‘ තැනීමේ කටයුතු වල චීන බළධාරීහු නියැළී සිටී.
සම්පූර්ණ කළ පසු මෙම හරිත ප‍්‍රාකාරයේ ගස් බිලියන 100 ක් පමණ තිබෙනු ඇතැයි සඳහන්ය. ඒවායේ කාර්යය වන්නේ යාබද ගෝබි කාන්තාරයේ කාලයත් සමග සිදුවන පැතිරීමෙන් හා වැලි කුණාටු වැනි දේ වලින් චීනය ආරක්ෂා කිරීමයි.
මෙම ව්‍යාපෘතිය 1978 වසරේ සිට කි‍්‍රයාත්මක වන්නක් වන අතර 2050 වසර වන විට අපේක්ෂිත වෘක්ෂ බිලියන 100 ඉලක්කය වෙත යා හැකි වනු ඇතැයි බළධාරීහු කියති.
මුලින්ම මේ ව්‍යාපෘතියට ලැබී ඇත්තේ ගල්මුල්ය.බොහෝ විද්‍යාඥයින් මෙය අසාර්ථක වනු ඇතැයිද, ගස් පේලියක් සිටවූවායැයි කියා ගෝබි කාන්තාරයෙන් චීනය ආරක්ෂා කර ගැනීමට නොහැකියැයිද පවසා තිබේ.
නමුත් ගස් සිටුවාගෙන යාමේදී වෙනදා ගෝබි කාන්තාරයේ වැලි කුණාටු අවස්ථාවකදී වැලි වලින් නැහැවෙන චීනයේ ඇතැම් ප‍්‍රදේශ හරිත ප‍්‍රාකාරයේ පිහිටෙන් ආරක්ෂා වීමත්, අනෙක් අතට කාන්තාරයේ පැතිරීම එය අද්දරම වාගේ පිහිටන මේ ගස් තීරයෙන් සීමා වීමත් නිසා ව්‍යාපෘතියෙන් සැබෑවටම ප‍්‍රයෝජනයක් තිබෙන බව එය ගැන සැක තිබූ සියලූදෙනාම දැන් පසක් කරගෙන සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයාට නියම අදහස්නේ තියෙන්නේ. (නි)
ජයා, මෙතැන තියන ගැටලුව ඔය ගස් ටික ලොකු වෙනකොට සමහරු අතින් අත්වැරදීමකින් බැකෝ මැෂින් ඒ පැත්තට යන එක. (නි)
සඳුනි, චීනය ලොව අන් රටවල වනාන්තර කාන්තාර කරන ගමන් තම රටේ කාන්තාර වනාන්තර කරනවා. ඒකයි මම දකින ඇත්ත. (නි)
අපේ රටේ අලි - මිනිස් ගැටලුවටත් මේක ප්‍රයෝජනවත්. තේක්ක ගස් පේලි පහක් හයක් එක දිගට හිටවල ලොකු වෙන කම් බලාගත්තනම් අලි එ් පැත්තේ මිනිස්සු මේ පැත්තේ (නදී)
ඒක නම් ඇත්ත ෂෙහාන්. (නි)
මෙය චීනය වෙතින් ලොවට ලබාදුන් ලොකු ආදර්ශයක් (නදී)
පාරිසරික ශක්‍යවාදය නමැති භූගෝල විද්‍යාත්මක සංකල්පයට කදිම උදාහරණයකි මෙය. අතිවිශිෂ්ටයි. ගන්නවා නම් ලෝකයටම හොඳ ආදර්ශයක්. ජපනා නොව අද හපනා චීනා බවට කදිම සාක්ෂියක්ද සපයා ඇත. (නි)
පිටබැද්දර ජයාගෙ අදහස හරිම අපුරුයි. ක්‍රියාත්මක කරන්නත් ලේසියි. හිටවල බලාගන්න යන වියදම විතරයි. නියම වැඩක්. බලදරයනි ඔබටයි මේක. (නදී)
මා කුඩා කාලයේ මේ කාන්තාරය වැවීමට චීනය ගන්නා උත්සාහය ගැන ලංකාවේ පුවත් පතකින් කියෙව්වා හොඳටම මතකයි. මීට වසර දහයකට පමණත් නැවතත් ඉන්ටර්නෙට් මගින් වැඩි විස්තර බැලුවා මතකයි. ඉහත පින්තුර දකින විට, ඉතාම සතුටුයි ඔවුන්ගේ උත්සාහය මල්පල ගැන්වී ඇති අයුරු දකිනා විට. (ර)
ෂෙහාන්, ෂාන් ඔබ දෙපල හරි. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් අනෙක් බෙලහීන රටවල් සුරපුරයක් කරන්න මහන්සි ගන්නවා. (නදී)
චීන්නු කාන්තාරය වනාන්තරයක් බවට පත් කරනවා. අපේ ජාවාරම් කාරයෝ වනාන්තර කාන්තාර බවට පත් කරනවා. (ර)
චීනය ගැන ඔය විදියට ඍණත්මකව හිතන්න එපා. අපිට ණය දෙන්නේ අපි ඉල්ලන නිසා, ඇමරිකාවට වඩා චීනය හොදයි . අපිට පුළුවන් නම් චීන උදව් අරන් සංවර්දනය කරන්න එක තමයි හොඳම විදිහ, එත් අපේ පාලකයෝ හොරා කන එක තමයි ප්‍රශ්නේ. නැත්නම් චීන නෙවෙයි,.(හේ)
හොඳ දෙයට හොඳ කිවයුතුය. පරිසරය අපේ මිතුරෙකි. රැකගැනීම අපිටම සුභදායක වේ. (නි)
මෙතැනදී විතරක් නෙමෙයි චීනය ලෝකෙට ම ගොඩක් ආදර්ශ සපයා තියෙනවා ..ඔවුන් ඇමෙරිකාවේ ප්‍රතිපත්ති වලට වෙනස් මගක ගියත් ඇති විශිෂ්ට දියුනාවක් ලගා කරගෙන තිබීම අගය කළ යුතුයි .නමුත් චීනයෙන් අපේ රටේ ඇති කරන ලද ව්‍යපෘති බොහෝමයක් පල රහිත වී තිබෙන්නේ දේශපාලකයින් හොරා කන නිසා, එක අපේ රටේ අවාසනාව මිසක් චීනයේ වරදක් නෙමෙයි.(හේ)
හොඳයි නේද ? (නදී)
හරිතාගාර වායු විමොචනයෙන් ලෝකයේ පළමු තැන ඉන්නේ චීනය. නමුත් චීනය මේ සම්බන්ධව තියන කෙයෝතෝ සම්මුතිය වගේ වැදගත් සම්මුතීන් වලටවත් අත්සන් කරලා නැතිලු. (නි)
මේක විහිළුවක් නොවෙයි. සාර්ථක වැඩක්. මේ වගේම අපේ රටෙත් වෙරළ වටා ආරක්ෂක ශාක වැටක් ඉදිකිරීමෙන් වෙරළ ඛාදනයත් සුනාමියකට වන හානිය අවම කරගැනීමටත් පුළුවන්. වියට්නාමයේත් වෙරළ දිගේ එවැනි කඩොලාන තීරයක් වවා සාර්ථක වී තිබෙනවා. (නි)
චීනය ජයග්‍රහණ ලබන්නේ සමාජවාදී රටක් නිසා .අපිත් සමාජවාදී රටක් හදමු. (බ)