චීනය එරට හමුදා ශක්තිය විදහාපාමින් අති දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත්වීය. ඒ, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානයට එරෙහිව ලැබූ යුද ජයග්රතහණය සැමරීමේ 80 වැනි සංවත්සරය නිමිත්තෙනි.

හමුදා පෙළපාළිය පැවැත්වූයේ බීජිං අගනුවර ටියැන්ඇන්මෙන් චතුරශ්රෙයේදීය. චීන හමුදාව සතු යුද ටැංකි, ප්රධහාරක යානා, මිසයිල ඇතුළු යුදෝපකරණ රැසක් ප්රරදර්ශණය කෙරුණි. මෙය චීනය පැවැත්වූ විශාලතම හමුදා පෙළපාළිය ලෙස සැලකෙයි. පෙළපාළියට එක්වුණු චීන සොල්දාදුවන් ගණන 10,000 කට වැඩි යැයි ද පැවැසෙයි.

චීන හමුදාවේ ශක්තිය දැක ගැනීමට ලෝක නායකයෝ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් පමණක් නොව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද ඒ අතරේ සිටියහ. බටහිර නායකයන් හමුදා පෙළපාළිය නැරඹීමට පැමිණ සිටියේ නැත.

රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් පුටින් ද න්යිෂ්ටික වැඩසටහන හේතුවෙන් පුටින් සහ කිම් ජොන් උන් බටහිර රටවල උදහසට ලක් වී සිටිති. හමුදා පෙළපාළියේ ප්ර ධාන අමුත්තන් වූයේ ද පුටින් සහ කිම් ජොන් උන්ය. රුසියන් ජනාධිපති පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේත්, පුටින්, කිම් ජොන් උන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේත් සාකච්ඡා පැවැත්විණි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්ය.ම කාරක සභාවේ මහ ලේකම් ලෙසත්, චීන මධ්යුම හමුදා කොමිසමේ සභාපති ලෙසත්, චීන ජනාධිපතිවරයා ලෙසත් ෂි ජින්පින් දේශනයක් පැවැත්වූ අතර, එහිදී ලෝකය යුද්ධය හෝ සාමය යන දෙකෙන් එකක් තෝරා ගැනීම වැදගත් බව පෙන්වා දුන්නේය.