චීනයේ සමලිංගික විවාහ තහනම් කරමින් එරට උසාවියක්  නියෝගයක් නිකුත් කර තිබේ.

චැන්ග්ෂා නගරයේ වෙන්ලින්(27) සහ මින්ග්ලෑන්(37) නම් පිරිමි යුවළ සිය විවාහය ලියාපදිංචි කිරීම සදහා අයදුම් කර ඇති අතර එය ප්‍රතික්ෂේප වී තිබේ. ඉන්පසු එයට විරුද්ධව බලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබේ. එම නඩුවේ අවසන් තීන්දුව ලෙස එම තීරණය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම චීනයේ මෙවන් නඩුවක් අධිකරණයකදී විභාගයට ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය බව  එරට මාධ්‍ය සදහන් කරයි. ඔවුන් දෙදෙනාට සහය පළ කිරීමට බොහෝ පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ.

චීනයේ එවන් ගැටළු උග්‍ර වෙමින් පවතින බව වාර්තා වේ. එමෙන්ම චීනයේ රුපවාහිනී වල සමලිංගික දර්ශන පෙන්වීම ද තහනම් කර තිබේ.