විදෙස් නම්වලින් හඳුන්වන ස්ථාන නාම වෙනස් කරන බව චීන නාගරික කටයුතු අමාත්‍ය ලී ලිගුවෝ විදෙස් මාධ්‍යය සමඟ කීවේය. මෙවැනි නම් ගම් චීන සංස්කෘතියට බාධාවක් බැවින් මේ තීරණය ගත් බව ඔහු කීවේය.

ඉදිරියේ දී චීනයේ ඉදිවන ගොඩනැගිලි, පාලම් හා වෙනත් ස්මාරක හෝ විදෙස් නම් වලින් නම් කිරීමට ඉඩ නොදීමට රජය තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පවසා ඇත.

හොං කොං නුවර ජනප්‍රිය මාර්ගයක් වන හොලිවුඩ් පාර සම්බන්ධයෙන් මේ තීරණය ක්‍රියාත්ක වන්නදෙ යන්න තවමත් තීරණය කැර නැතැයි ද ඇමැති කියයි.