IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


චීනයේ වැඩ නිසා ඉන්දියාව ඇමෙරිකාවට ළංවෙයි

චීනය දිගින් දිගටම ලඩාක් පරිපාලන ප්‍රදේශයට කරන බලපෑම් සහ ආක්‍රමණ ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය දෙසට තල්ලු කරන බව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශ්ලේෂකයකු සහ භූදේශපාලනය පිළිබඳ විශේෂඥයකු වන බ්‍රහ්මා චෙලාන් සඳහන් කරයි.

‘ඒෂියා නිකී’ පුවත් වෙබ් අඩවියට විශ්ලේෂණාත්මක ලිපියක් ලියමින් ඔහු ඒ බව සඳහන් කරයි.

ඉකුත් වසරේ වැඩි කාලයක් ඉන්දියාව නව කොරෝනා වයිරසය පාලනය කිරීම ලොක්ඩවුන් සීමා පනවා තිබිණි. ඉන් ප්‍රයෝජන ගත් චීනය ලඩාක් ප්‍රදේශයේ සීමා ඉක්මවා යමින් මායිම් අල්ලාගෙන ඇතැයි හෙතෙම කියයි.

චීනයේ, මහජන විමුක්ති හමුදාව ලඩාක් හි කිලෝමීටර සිය ගණනක් අල්ලා ගනිමින් ඒවායේ හමුදා කඳවුරු අත්පත් කරගෙන ඇති බව ඉන්දියාව අනාවරණය කරගෙන ඇත්තේ ඉකුත් වසරේ ශීත ඍතුවෙන් පසුවය.

එය මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර ආරවුලක් නිර්මාණය විය.

චීනයේ, මහජන විමුක්ති හමුදාව පොළොව හාරා ආරක්ෂක ස්ථාන ඉදි කර ඇතැයි ද තවදුරටත් සන්නද්ධ ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා ස්වාරක්ෂක කලා ස්ථාපිත ඉදි කර ඇතැයි ද චෙලානි සඳහන් කරයි.

එම ගැටුම්කාරී තත්ත්වය ඉන්දියාව සහ චීනය පැවැති ගැටුම්කාරී තත්ත්වවලින් දීර්ඝතම එක යැයි ද පැවැසීය. චීනය 1962 වසරේ දී ඉන්දියාව ප්‍රහාර එල්ල කළ අතර එම ගැටුම් දින 32ක් මුළුල්ලේ පැවැතුණි.

ඉන්දියාව ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව සටන් වදිද්දි චීනය එමඟින් වාසි ලබාගැනීමට උත්සාහ ගනු ඇතැයි හමුදා විශේෂඥයෝ සැක කරති.

ලඩාක් හි සූදානම සහ එහි තත්ත්වය විමසා බැලීම සඳහා ඉන්දීය යුද හමුදාවේ ප්‍රධානියා ඉකුත් දා ඒ වෙත ගියේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවස්ථා කිහිපයකදීම මිත්‍රශීලි යෝජනා ගෙනාවද චීනය කලහාකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට ද ඉන්දීය පාර්ශවයෙන් චෝදනා එල්ල වෙයි.

චීනය සිය භූමිය මංකොල්ල කෑ බවට ඉන්දීය පාර්ශවය චෝදනා කරයි.

මේ සිදුවීම්වලින් පසු ඉන්දීය අගමැති මෝදි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව ද ඔහු ප්‍රසිද්ධියේ චීනය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකළ බව ද විශේෂඥයෝ වැඩිදුරටත් පෙන්වාදෙති.  

ඒ.එන්.අයි.



අදහස් (1)

චීනයේ වැඩ නිසා ඉන්දියාව ඇමෙරිකාවට ළංවෙයි

SL Monday, 31 May 2021 11:13 AM

ඇමෙරිකාවේ ,යුරෝපේ ,වැඩ නිසා ලංකාව් චීනෙට ලංවුනා .සරලයි.1980 ගණන් වල උනේ ඔකේ අනික් පැත්ත. අපි ඇමෙරිකාවට ලංවුණා ,ඉන්දියාව 72 බෝම්බ පුපුරල වැඩ වැරදුනු කොටි පුහුණු කරලා 80 වෙදී හැදුව හොඳ ත්‍රස්තවාදියෝ ටිකක්.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site