චීනයේ උතුරු දිග හෙබේ පළාතේ සැන්ජියාකෝ නගරයේ රසායනික කම්හලක සිදුවූ පිපිරිමකින්  22දෙනකු මියගොස් තවත් 22දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

ගිනි දැල් සහ ඝන කළු දුම් රොටු අහසට විසිවූ බව මාධ්‍ය වාර්තා කර ඇත. වාහන 50ක් පමණ ගින්නෙන් විනාශ වී ඇතැයි බලධාරීහු පවසති.

අදාළ කම්හල වසා දමා ඇති බවත් මේ වනවිට ගින්න නිවා දමා ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

කෙසේ වුවද විෂ රසායනිකයන් පරිසරයට මුසුවීම හා  ආරක්ෂාව සම්බන්ධව මහජනතාව අතර නොසන්සුන්තාවයක් වර්ධනය වී ඇතැයි පැවසේ.

(රොයිටර් ඇසුරිණි - 085)