චීනයේ නැගෙනහිර යැංචෙන්ග්හි රසායනික කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් හයදෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
මෙම අනතුරින් 30 දෙනකු පමණ තුවාල ලබා ඇත. මෙය පොහොර නිශ්පාදන කර්මාන්තශාලාවක් වන බවත් එහි ඇතිවූ ගින්නක් හේතුවෙන් පිපීරීම හටගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
චීන භූ විද්‍යා පාලක මණ්ඩලය පවසන්නේ පිපිරීම සිදුවූ අවස්ථාවේ රිච්ටර් මාපාංක 2.2ක විශාලත්වයෙන් යුත් කම්පනයක් වාර්තා වී ඇති බවයි.චීනයේ මෙවැනි කාර්මික අනතුරු බහුලව සිදුවන අතර ආර්ක්ෂක උපක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් මේවා සිදුවන බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd