චීන නාවික හමුදාවේ යුධ නෞකාවක් මගින් යේමන් යුධ කලාපයේ සිරවී සිටි  225ක් වු විදේශිකයන් සහ චීන ජාතිකයන් 600 ක් ඒඩන් වරායේ සිට අද (3 දා ) මුදවා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුදවා ගත් පිරිස් රතු මුහුද ඔස්සේ ඩිජිබවුති වෙත ප්‍රවාහනය කරණ අතර එතැන් සිට මෙම පිරිස ගුවන් මගින් තම මවු රටවල් වෙත යැවීමට නියමිතය.

චීන රජය පවසන්නේ අනතුරු දායක යුද කලාපයක සිරවි සිටි විදේශීය ජාතිකයින් මුදවා ගැනීම සඳහා තම හමුදාව යෙදවු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

චීන නෞකාව මගින් ඉවත් කරගත් චීන ජාතිකයින් නොවන පුද්ගලයන් අතර පාකිස්තානුවන් 176 දෙනෙක් සිටින බව චීන විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුන්යින් කියයි. මීට අමතරව මුදවා ගත් පිරිස් අතර  ඉතියෝපියාව,සිංගප්පුරුව,එක්සත් රාජධානිය, ඉතාලිය, සහ ජර්මනිය යන රටවැසියන්ද සුලු වශයෙන් සිටින බව වාර්තාවේ. මෙතේ මුදවාගත් ගත් පිරිස් අතර ශ්‍රී ලංකිකයන් සිටින බවට පැහැදිලි වාර්තා පලවි නොමැත.

එක්සත් ජාතින්ගේ මානුෂික මෙහෙයුම් ප්‍රධානි වැලරි ඇමොස් පවසන්නේ යේමනයේ පසුගිය සති දෙක තුලදී පමනක් ඇති වු යුධ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 500 ක් මියගිය බවත් 1700 ක් පමණ තුවාල ලැබු බවත්ය.