චීන නාවික හමුදාවේ යුධ නෞකාවක් මගින් යේමන් යුධ කලාපයේ සිරවී සිටි 225ක් වු විදේශිකයන් සහ චීන ජාතිකයන් 600 ක් ඒඩන් වරායේ සිට අද (3 දා ) මුදවා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුදවා ගත් පිරිස් රතු මුහුද ඔස්සේ ඩිජිබවුති වෙත ප්‍රවාහනය කරණ අතර එතැන් සිට මෙම පිරිස ගුවන් මගින් තම මවු රටවල් වෙත යැවීමට නියමිතය.
චීන රජය පවසන්නේ අනතුරු දායක යුද කලාපයක සිරවි සිටි විදේශීය ජාතිකයින් මුදවා ගැනීම සඳහා තම හමුදාව යෙදවු ප්‍රථම අවස්ථාව මෙය බවයි.
චීන නෞකාව මගින් ඉවත් කරගත් චීන ජාතිකයින් නොවන පුද්ගලයන් අතර පාකිස්තානුවන් 176 දෙනෙක් සිටින බව චීන විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුන්යින් කියයි. මීට අමතරව මුදවා ගත් පිරිස් අතර ඉතියෝපියාව,සිංගප්පුරුව,එක්සත් රාජධානිය, ඉතාලිය, සහ ජර්මනිය යන රටවැසියන්ද සුලු වශයෙන් සිටින බව වාර්තාවේ. මෙතේ මුදවාගත් ගත් පිරිස් අතර ශ්‍රී ලංකිකයන් සිටින බවට පැහැදිලි වාර්තා පලවි නොමැත.
එක්සත් ජාතින්ගේ මානුෂික මෙහෙයුම් ප්‍රධානි වැලරි ඇමොස් පවසන්නේ යේමනයේ පසුගිය සති දෙක තුලදී පමනක් ඇති වු යුධ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 500 ක් මියගිය බවත් 1700 ක් පමණ තුවාල ලැබු බවත්ය.
2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය යේමනයේ වැඩට බසියි
නන්දලාල් Friday, 03 April 2015 05:29 PM
චීනා බලාගෙන ඉන්නෙත් මෙවැනි තත්ත්වයක් එනතුරු තමා. (නි)
අසේල Friday, 03 April 2015 05:38 PM
මම යේමනයේ. සිරවී සිටින අය බේරාගැනීම ඉතාමත් අගය කළයුතු සේවාවක්. (නි)
සමිර Thursday, 09 April 2015 09:28 AM
සෑම දෙයක් ගැනම පටු විදිහට දකින්න එපා (ම)
වර්ණ Friday, 03 April 2015 08:46 PM
සතුටුයි ජීවිත බේරුණ එකට (නි)
සුනිල් විජේරත්න Sunday, 05 April 2015 07:49 AM
නන්දලාල් පුටුවේ ඉදගෙන ඉන්නේ බලාගෙන මොලය තුවාල වෙයි (නදී)
දුමින්ද Monday, 06 April 2015 06:21 AM
මකරාගේ මිනිස් කම (දිල්)
විදුර වීරසිංහ Tuesday, 07 April 2015 07:49 AM
කෝ මේ මානව හිමිකම් ක්‍රියාකාරීන්? මොනවද එයාල කරන්නේ (බ)
තමර Sunday, 05 April 2015 04:19 PM
හොඳ දේ හොඳයි කීම මනුස්සකමයි (නි)
ඉන්දික Saturday, 04 April 2015 12:54 PM
නන්දලාල්ගේ ඔලු ගෙඩිය තියෙන්නේ දනිස් දෙකට ටිකක් පල්ලහෙන්. (නදී)