බි‍්‍රතාන්‍යයේ සහ ඇමරිකාවේ ඉලක්ක වලට පවා ප‍්‍රහාර එල්ල කළ හැකි නව බැලස්ටික් මිසයිලයක් පසුගියදා චීනය අත්හදා බලා ඇති බව වාර්තා වේ.

ඩොන්ග්ෆෙන්ග් 41 ලෙස නම් කර ඇති මෙම මිසයිලය සැතපුම් 8700 ක පමණ දුරින් ඇති ඉලක්කයක් වෙත එල්ල කළ හැකි බව සඳහන්ය.එහි න්‍යෂ්ඨික මිසයිල ශීර්ෂ (වෝර්හෙඞ්) 10 ක් එකවර ප‍්‍රවාහනය කළ හැකි බවද පැවසේ.

තවත් මහාද්වීපයකට පහර එල්ල කළ හැකි මෙවන් අන්තර්මහාද්වීපික මිසයිලයක් අත්හදා බැලීම ගැන ඇමරිකාව චීනයට දොස් පවරා ඇති බවද අත්හදා බැලීම් කිරීමට තමන්ට අයිතිය ඇත යැයි පවසමින් චීනය ඊට පිළිතුරු දී ඇති බවද වාර්තා වේ.

විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට තමන්ට අයිතිය ඇති බවත්,මෙම මිසයිල අත්හදා බැලීම කිසිදු රටක් හෝ ජාතියක් ඉලක්ක කර සිදුකෙරුණක් නොවන බවත් චීනයේ ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ දැක්වේ.

CHIMISTES-0422-01