උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රහාරයක් එල්ල කළහොත් චීනය මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි චීනයේ රාජ්‍ය අනුග්‍රහය ලබන පුවත්පතක් වන ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත් වාර්තා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර කලාපයේ පිහිටි උපායමාර්ගික දූපතක් වන ‘ගුවාම්’ වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව උතුරු කොරියාව ප්‍රකාශ කිරීමත් සමඟ ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත මේ බව වාර්තා කර තිබේ.
ගුවාම් දූපතට ප්‍රහාර එල්ල කරන බවත් පැවැසීමත් සමඟ උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.
චීනය යනු උතුරු කොරියාවේ සමීපතම සහ වැදගත්ම මිත්‍ර රටය. උතුරු කොරියානු අර්බුදයේදී දැනටත් මැදිහත් පිළිවෙතක් අනුගමනය කරයි. උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් කිරීම් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන අතරවාරයේදීම ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සහ දකුණු කොරියාවේ හැසිරීම ද චීනයේ විවේචනයට සහ කනස්සල්ලට හේතු වී තිබේ.
“උතුරු කොරියාව මුලින් ප්‍රහාර එල්ල කළහොත් සහ ඇමෙරිකාව ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් චීනය මැදිහත් පිළිවෙතක් අනුගමනය කළ යුතු” යැයි ‘ග්ලෝබල් ටයිම්ස්’ කතුවැකිය ඔස්සේ සඳහන් කර තිබේ. ග්ලෝබල් ටයිම්ස් යනු රාජ්‍ය චීන රජයේ අනුග්‍රහය සහිත පුවත්පතක් වුවද රජයේ ප්‍රතිපත්ති නියෝජනය නොකරයි.
උතුරු කොරියානු රෙජීමය පෙරළා දමා කොරියානු අර්ධද්වීපයේ දේශපාලන සැලැස්ම වෙනස් කිරීමට දකුණු කොරියාව සහ ඇමෙරිකාව උත්සාහ කළහොත් චීනය ඔවුන් එසේ කිරීම නවතා දැමීමට චීනය මැදිහත් විය යුතු බව ද ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය තවදුරටත් සඳහන් කර තිබේ.
රොයිටර් 055
2025 නොවැම්බර් මස 04
691
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව කියයි