චීනයේ විභාගයකට සිසුන් රැගෙන යමින් සිටි බස් රථයක් ජලාශයකට පෙරලීමෙන් 21 දෙනෙක් මරණයට පත්ව ඇත.

අනතුරින් තවත් සිසුන් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන මාධ්‍ය වාර්තා පැවසීය.

චීනයේ  ගුයිෂෝ පළාතේ  අන්ෂුන් නගරයේදී මෙම අනතුර සිදු වී ඇත.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ ගමන් කළ පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිතව අනාවරණය වී නොමැත.

කිමිදුම්කරුවන් 17 දෙනෙක් ඇතුළු 90 ක පිරිසක් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුමට එක්වී සිටියහ.

මන්තීරු 6 කින් සමන්විත මාර්ගයේ කෙළවර මංතීරුවක ගමන් කළ බස් රථය මන්දගාමී වී අංශක 90 ක හැරවුමකින් මාර්ගය හරහා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටි ජලාශයකට පෙරළී ඇති අතර අනතුර සිදුවන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබේ.

මෙම අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව චීන  මාධ්‍ය වාර්තා කරයි.

-226-

රොයිටර් ඇසුරෙනි