චීනයේ පුරා තිබෙන බන්ධනාගාර රැසකින් නව කොරෝනා ආසාදිතයන් 500කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි එරට බලධාරිහු අද (21) ප්‍රකාශ කළහ.
චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මෙම මාරාන්තික නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබේ.
කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 2,236ක් වන අතර වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 75,685ක් වේ. කොරෝනා වයිරසය ආසාදනය වූ 20,000ක් පමණ මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇතැයි ද චීන සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.
බ්‍රහස්පතින්දා වනවිට රට පුරා පිහිටි විවිධ බන්ධනාගාර වලින් කොරෝනා ආසාදිතයන් 271 දෙනකු පිළිබඳ වාර්තා වූ බවත් මීට පෙර චීනයේ විවිධ පළාත්වල පිහිටි බන්ධනාගාර වලින් සිදුවීම් 220ක් වාර්තා වී තිබූ බවත් චීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.
වූහාන් නගරයේ පිහිටි කාන්තා බන්ධනාගාරයෙන් පමණක් කොරෝනා ආසාදනයවූවන් පිළිබඳ සිදුවීම් 230ක් වාර්තා වූයේ යැයි එම ප්‍රදේශයේ කොමියුනිස්ට් පක්ෂයට අයත් හුබෙයි ඩේලි පුවත්පත වාර්තා කර තිබිණි. අනෙකුත් ආසාදිතයන් 41 දෙනා පිළිබඳ වාර්තා වී ඇත්තේ ශයන්ග් ප්‍රදේශයෙනි.
චීනයේ ෂන්ඩොන්ග් පළාතේ රෙන්චෙන්ග් බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 200 දෙනකු හඳුනාගත් බවත් එම බන්ධනාගාරයේම ආරක්ෂකයන් හත් දෙනකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් පළාත් සෞඛ්‍ය කොමිසමේ බලධාරීහු මාධ්‍ය හමුවක් පවත්වමින් කීහ.
ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීනයේ බන්ධනාගාර රැසකින් කොරෝනා ආසාධිතයන් 500 ක් හඳුනාගනී