බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් චීනය කටයුතු කරන ආකාරය සහ වෙළෙඳාමේදී චීනය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
උතුරු කොරියාව හේතුවෙන් ඇමෙරිකාව සහ චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙන මොහොතක ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ. චීනයේ ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකානු ආයෝජකයන්ට සහ සමාගම්වලට හානි සිදුවන්නේ ද සොයා බලන්නැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත රොබට් ලයිට්තීසර්ට දැනුම් දී තිබෙන අතර අවශ්‍ය වුවහොත්, ඒ සුදුසු පියවර ගන්නැයි ද උපදෙස් දී ඇත.
“වෙළෙඳපොළවලට පිවිසීම සඳහා නීතිවිරෝධී ලෙස ඇමෙරිකානු සමාගම්වලට ඔවුන්ගේ තාක්ෂණය භාවිත කිරීමට සහ මාරු කිරීමට බල කරන ඕනෑම රටකට එරෙහිව අපි පියවර ගන්නවා. අනවසරයෙන් අපේ තාක්ෂණය භාවිත කිරීමට එරෙහිව පියවර ගන්නවා.
ඇමෙරිකානු රැකියා විනාශ කරන ප්‍රකාශන කොල්ලකෑම්වලට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි අපේ කතෘ හිමිකම්, පේටන්ට් බලපත්‍ර, වෙළෙඳ සන්නාම, වෙළෙඳ රහස් සහ අනෙකුත් බුද්ධිමය දේපළ ආරක්ෂා කර ගත යුතුයි. එය අපේ ආරක්ෂාවටත් සෞභාග්‍ය කරා යන ගමනටත් ඉතා වැදගත්” යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
(ඒ.එෆ්.පී 055)
2025 නොවැම්බර් මස 04
691
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ බුද්ධිමය දේපල - වෙළදාම් ගැන හොයන්නැයි ට්‍රම්ප්ගෙන් නියෝග
indra Tuesday, 15 August 2017 08:33 AM
මෙතුමාගේ ප්‍රකාශයත් අපේ රටේ කෙරෙන වැඩ පිලිවලත් අතර මොනතරම් වෙනසක් තියනවද ?අපේ නායකයන් ඇත්තටම කා ගැනද සිතන්නේ ?
Kevin Tuesday, 15 August 2017 02:18 PM
ඔන්න නියම නායකත්වය. රටක ඉදිරියට යන්න නිවැරැදි, එඩිතර තීන්දු ගතයුතුයි.
ravin Wednesday, 16 August 2017 04:01 AM
මේගොල්ලෝ ලෝක පොලිසිය වෙන්න යන්නේ නැව ගියාට පස්සේ. ඇමරිකාවේ තියන චීන ආයෝජන අපහු ගත්තොත් හුලන් තමයි ඉතිරි වෙන්නේ. බොරු ෂෝ.