IMG-LOGO

චීනයේ පළාත් ආණ්ඩු කොවිඩ්-19 එන්නත් ඇණවුම් කරයි

 

එක්සත් රාජධානිය සහ රුසියාව ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් සිටින මොහොතක චීනයේ පළාත් ආණ්ඩු ද එරට නිෂ්පාදිත ‘කොවිඩ්-19’ එන්නත් ඇණවුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

චීන සෞඛ්‍ය බලධාරීන් තවමත් ඔවුන්ගේ නව කොරෝනා වයිරස එන්නත් සම්බන්ධයෙන් අවසන් හා නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර එම එන්නත් එරට ජනතාව අතර බෙදාහරින ආකාරය සම්බන්ධයෙන් ද කිසිවක් සඳහන් කර නැත.

චීනයේ ජනගහනය බිලියන 1.4 ඉක්මවයි.

චීනය මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නත් කිහිපයක්ම අත්හදා බලමින් සිටින අතර පර්යේෂකයෝ ඒවායේ අවසන් අදියරවල කටයුතු ඉක්මන් කරමින් සිටිති.

චීනය මේ වනවිට ප්‍රධාන වශයෙන් ‘කොවිඩ්-19’ එන්නත් පහක් අත්හදා බලමින් සිටින අතර සමාගම් හතරක් ඒවායේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වී සිටියි. ඊට අමතරව රුසියාව, ඊජිප්තුව සහ මෙක්සිකෝව ඇතුළු රටවල් 12කට ආසන්න සංඛ්‍යාවක ඒවායේ අත්හදා බැලීම් සිදුවෙයි.

සිය එන්නත්වලට අවසරය ලැබුණත් ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය හා යුරෝපයේ රටවල් වැනි සංවර්ධිත රටවලින් ඒවාට අවසර ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ වනු ඇතැයි ද චීන සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.

කෙසේ නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි මිලකට එන්නත් ලබාදෙන බව ද චීනය ප්‍රකාශ කරයි.

සිය එන්නත චීනය තුළ භාවිත කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ඉල්ලූ බව චීනයේ ජාතික ඖෂධ සමාගම වන ‘සිනෝෆාම්’ සමාගම නොවැම්බර් මාසයේදී නිවේදනය කළේය.

එන්නත් කිහිපයකට හදිසි අවස්ථා යටතේ භාවිත කිරීම යටතේ අවසරය හිමි වී ඇති බවත් එම එන්නත් දැඩි අවදානමක් ඇති පුද්ගලයන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බවත් චීනයෙන් වාර්තා වේ.
 
(රොයිටර්)

055



අදහස් (0)

චීනයේ පළාත් ආණ්ඩු කොවිඩ්-19 එන්නත් ඇණවුම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site