
එක්සත් රාජධානිය සහ රුසියාව ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් සිටින මොහොතක චීනයේ පළාත් ආණ්ඩු ද එරට නිෂ්පාදිත ‘කොවිඩ්-19’ එන්නත් ඇණවුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
චීන සෞඛ්‍ය බලධාරීන් තවමත් ඔවුන්ගේ නව කොරෝනා වයිරස එන්නත් සම්බන්ධයෙන් අවසන් හා නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර එම එන්නත් එරට ජනතාව අතර බෙදාහරින ආකාරය සම්බන්ධයෙන් ද කිසිවක් සඳහන් කර නැත.
චීනයේ ජනගහනය බිලියන 1.4 ඉක්මවයි.
චීනය මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නත් කිහිපයක්ම අත්හදා බලමින් සිටින අතර පර්යේෂකයෝ ඒවායේ අවසන් අදියරවල කටයුතු ඉක්මන් කරමින් සිටිති.
චීනය මේ වනවිට ප්‍රධාන වශයෙන් ‘කොවිඩ්-19’ එන්නත් පහක් අත්හදා බලමින් සිටින අතර සමාගම් හතරක් ඒවායේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වී සිටියි. ඊට අමතරව රුසියාව, ඊජිප්තුව සහ මෙක්සිකෝව ඇතුළු රටවල් 12කට ආසන්න සංඛ්‍යාවක ඒවායේ අත්හදා බැලීම් සිදුවෙයි.
කෙසේ නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි මිලකට එන්නත් ලබාදෙන බව ද චීනය ප්‍රකාශ කරයි.
සිය එන්නත චීනය තුළ භාවිත කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ඉල්ලූ බව චීනයේ ජාතික ඖෂධ සමාගම වන ‘සිනෝෆාම්’ සමාගම නොවැම්බර් මාසයේදී නිවේදනය කළේය.
එන්නත් කිහිපයකට හදිසි අවස්ථා යටතේ භාවිත කිරීම යටතේ අවසරය හිමි වී ඇති බවත් එම එන්නත් දැඩි අවදානමක් ඇති පුද්ගලයන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බවත් චීනයෙන් වාර්තා වේ.
(රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd