දශක තුනකට පසු පසුගිය වසරේදී චීනය ඉතිහාසයේ වාර්තා කළ පහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කර ඇතැයි එරට නිල දත්ත වාර්තා සඳහන් කරයි.
චීනය පසුගිය වසරේ අවසන් කාර්තුවේ ආර්ථික දත්ත අද (21) ප්‍රකාශයට පත් කළේය.
අතිවිශාල ණය කන්දරාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වූ වෙළෙඳ යුද්ධය ආර්ථික වර්ධනය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
චීන බලධාරීන් ආර්ථිකය 6.5%ක අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ අතර එසේ වුවත් ආර්ථික 6.6%කින් වර්ධනය වී තිබේ. කෙසේ නමුත් 2017 වසරේදී චීනයේ ආර්ථිකය 6.8%කින් වර්ධනය වී ඇතැයි එරට ජාතික සංඛ්‍යාදත්ත කාර්යාංශය සඳහන් කරයි.
පසුගිය වසරේ අවසාන මාස තුනේදී චීන ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 6.4%ක අගයකින් වන අතර එය මීට වසර දහයකට පෙර ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු චීනය වාර්තා කළ අඩුම ආර්ථික වර්ධන වේගය යැයි ද පැවසේ.
වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී චීන ආර්ථිකය වර්ධනය වන වේගය තවදුරටත් පහළ වැටෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදෙති.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය පසුගිය වසරේදී පහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කරයි