දශක තුනකට පසු පසුගිය වසරේදී චීනය ඉතිහාසයේ වාර්තා කළ පහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කර ඇතැයි එරට නිල දත්ත වාර්තා සඳහන් කරයි.
 
චීනය පසුගිය වසරේ අවසන් කාර්තුවේ ආර්ථික දත්ත අද (21) ප්‍රකාශයට පත් කළේය. 
 
අතිවිශාල ණය කන්දරාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වූ වෙළෙඳ යුද්ධය ආර්ථික වර්ධනය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. 
 
චීන බලධාරීන් ආර්ථිකය  6.5%ක අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ අතර එසේ වුවත් ආර්ථික 6.6%කින් වර්ධනය වී තිබේ. කෙසේ නමුත් 2017 වසරේදී චීනයේ ආර්ථිකය 6.8%කින් වර්ධනය වී ඇතැයි එරට ජාතික සංඛ්‍යාදත්ත කාර්යාංශය සඳහන් කරයි.
 
පසුගිය වසරේ අවසාන මාස තුනේදී චීන ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 6.4%ක අගයකින් වන අතර එය මීට වසර දහයකට පෙර ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු චීනය වාර්තා කළ අඩුම ආර්ථික වර්ධන වේගය යැයි ද පැවසේ. 
 
වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී චීන ආර්ථිකය වර්ධනය වන වේගය තවදුරටත් පහළ වැටෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදෙති. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි
 
055