වරක් පමණක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් තහනම් කිරීමට චීනය තීරණය කර ඇත.

ඒ අනුව දිරාපත් නොවන බෑග් ඇතුඵ එවැනි නිෂ්පාදන භාවිතය එරට ප‍්‍රධාන නගරවල මෙම වසර අවසන් වන විට තහනම් කෙරේ.

2022 වසර වන විට මෙම තහනම සියලුම නගරවල ක‍්‍රියාත්මක කිරීම චීන රජයේ අපේක්ෂාව වී තිබේ.

ප්ලාස්ටික් භාවිත කරන ලොව විශාලතම රටක් වන චීනය ගෙන ඇති මෙම තීරණයෙන් ප්ලාස්ටික් අපද‍්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු රැසකට විසඳුම් සපයනු ඇත.

2017 වසරේදී චීනයෙන් එක්රැස් කළ ගෘහස්ත අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් මිලියන 215 ක් වුවත් ඒවා ප‍්‍රතිචකී‍්‍රකරණය පිළිබඳ දත්ත අනාවරණය වී නොමැත.

චීනයේ විශාලතම කුණු කන්දේ විශාලත්වය මේ වන විට පාපන්දු පිටි 100 ක් තරම් වේ. 

 
-226-
(බීබීසී ඇසුරෙනි)