රිච්ටර් මාපාංක 6.5ක ප්‍රබල භූමි කම්පාවක් චීනයේ බටහිර කඳුකර ප්‍රදේශයක් වන සිචුවාන් සහ ජෙන්සු පළාත් වලට බලපා ඇතැයි වාර්තා වේ. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ භූ කම්පනයේ අපි කේන්ද්‍රය කිලෝමීටර් 9ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවයි. 

භූ කම්පනයේ බලපෑම ඇති වූ ප්‍රදේශයේ ටිබෙට් ජාතිකයන් සහ සුළු ජනවාර්ගික කණ්ඩායම් ජීවත්වන ගම්මාන රැසක් පිහිටා ඇති බව බලධාරීහු පවසති. ජාතික උද්‍යානයක් ද මෙම පෙදෙසේ පිහිටා ඇති බව පැවසේ. ජීවිත හානි හෝ අලාභ හානි සම්බන්ධව තවමත් වාර්තා වී නොමැත. 

(ඇසෝශියේටඩ් ප්‍රෙස් ඇසුරිණි - 085)